11th trouble

333 67 3
                                    

"චූටි නිදන් නැද්ද...?"

"මං තා ටිකකින් එන්නම් නෂී..ඔයා යන්න..."

එළියෙ බංකුව උඩ වාඩි වෙලා හිටපු රෂී ළඟින් නෂී ඇවිත් වාඩි වුනා....කෑම මේසෙන් නැගිට ගත්ත මොහොතෙ ඉඳලා රෂීගෙ තිබ්බ අසාමාන්‍ය නිහඬතාවය නෂීව මෙතනට ගෙනාවා කිව්වොත් හරි...

කිසිම කතාවක් නැතුව හඳ දිහා බලන් හිටපු රෂි අන්තිමේ තමන්ගෙ කටහඬ අවදි කලා....

"එයා ඒකට කැමති වෙයිද නෂී...?"

"දන්නෙ නෑ චූටි...අපි බලාපොරොත්තු තියා ගමු එහෙම නෙවෙයි කියලා...එහෙම වෙන්න බෑ කොහොමත්..."

"නෂී..."

"ම්ම්..."

"මං එයාට ආදරෙයි..."

හඳ දිහා බලන් හිටපු මූණ නෂීගෙ පැත්තට හැරුනා...ඒ ඇස් දිලිසෙනවා..ඒත් ඒ කඳුලු පටලයක් නිසාද,හඳ එළිය නිසාද කියන එක නෂීට තේරුම් බේරුම් කර ගන්න බැරි වුනා...

"අපි බලමු චූටි...මං ඔයා එක්ක ඕනම දේකට ඉන්නවා..."

නෂීට තුරුල් වෙලා උරහිසක නිකට තියා ගත්ත රෂී ඇස් පියා ගත්තා...මොහොතකට සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න එයාට ඕන වුනා....නෂී ගෙ අත් මෘදුවට තමන්ගෙ හිසකෙස් ස්පර්ශ කරන හැටි රෂී ට දැනුනා..ලෝකෙ ඉන්න හැමෝම අතරින්  තමන්ට මුකුත් බලාපොරොත්තු නොවී ආදරේ කරන්නෙ අම්මයි තාත්තයි ඇරුනම නෂී විතරයි කියලා රෂීට හිතුනා...ඒ ඇති....

එහෙනම් ඇයි තාමත් කියාරා...?

රෂී ඇස් පිහාටු තදට එකට තෙරපුවා...
______________________________________

දවසක්ම ලෙක්චර්ස් නොයා ඉඳපු රෂී කොලේජ් යන්න ආවෙ ඩියාගෙ කරච්චලේ අහන්න කොහොමත් බලාපොරොත්තුවෙන්....මුලින්ම ආපනශාලාව පැත්තට යන්න හිතන් ගේට්ටුව පැත්තට ඇවිදන් ගිය රශී දැක්කෙ එතන ඩියා එක්ක කතා කර කර ඉන්න කියාරා....ඒත් රෂීගෙ ඇස් නැවතුනෙ එතන නෙවෙ....

කියාරාගෙ අතක එතිලා තියන තවත් අතක් දිහාවට....තත්පර දෙකක් හිටපු. තැනම ඉඳන් බලන් ඉඳපු රෂී ආපහු හැරිලා යන්න ගියෙ කොලේජ් එකෙන් ඈතට යන්න හිතන්...

ඒත් පිටිපස්සෙන් දුවන් ආපු කෙනෙක්ගෙ අතක් රෂීව නැවැත්තුවා...

the twins with double trouble✓✓ [Completed]Unde poveștirile trăiesc. Descoperă acum