26th trouble

314 69 18
                                    

පාර දෙපැත්තෙ පහන් කණු වල එළිය දැනටමත් පාරට වැටිලා...රෂී හෙවනැලි දිහා බලන් ඇවිද්දා..ඈතින් පේන හෙවනැලි ලඟට යද්දි ඒවයි හැඩ වෙනස් වෙනවා...සමහර ඒවා හිතුවට වඩා විශාලයි....මහ ලොකු කරුවලක් නොවුනත් ඒ දිග හෙවනැලි ගොඩක් පැහැදිලියි...

අහසිගෙ අතක් තමන්ගෙ අතක පටලන් මෙහෙම යද්දි රෂීට දැනුනා තමන් වගකීම් සහගතයි කියලා...හරියට දරුවෙක් අත් වල තියන් ඉන්නවා වගේ....ඒ වුනත් මොකක්දෝ හේතුවකට අහසි දිහා බලද්දි රෂීට තේරුනේ ගොඩ කාලෙකට කලින් තමන් අහසි දිහා මේ විදියට බලපු බවක්..ඒ නිසාදෝ මන්දා ඒ අයිතියක් නැති වගකීමට වඩා,වැඩි යමක් රෂීට දැනුනා....ඒ බර ට දැනෙන හැඟීමෙන්ම රෂී අහසිගෙ හීතල අත තව තව තමන්ගෙ අතැඟිලි අතරට ගුලි කර ගත්තා..

රෂීගෙ උණුසුම් ඇඟිලි අතරට තද වෙන තමන්ගෙ අත දිහාවට අහසි ඇස් යැව්වා...මොන හේතුවකට රෂී එහෙම කරනවද කියන්න නොතේරුණත්, තමන්ගෙයි රෂීගෙයි අතරෙ ලොකු පරතරයක් තියන බව අහසි නිතරම මතක් කරා...බරට හුස්මක් පහළ දාපු අහසි ඈත කෙලවරක් නොපෙනෙන පටු පාර දිහාව බැලුවා....

"මොකො හූල්ලන්නෙ..?"

"හහ්..?"

"ප්‍රශ්නෙකද ඉන්නෙ..? කවුරු හරි මොනා හරි කිව්වද..?"

රෂී තියුණු ඇස් වලින් අහසිව පරීක්ෂා කරා..තමන්ව විනිවිද දකින්න උත්සාහ කරන උකුසු ඇස් වලින් බේරෙන්න වගේ අහසිගෙ ඉරියව් හැකිලිලා ගියා...පහළ බිම දිහා ඔබ මොබ බල බල දෙන්න උත්තරයක් හොයන්න අහසි වෙහෙසුනා.

"එහෙම නෑ....ගෙදර ගැන මතක් වුනා..."

"මෙහෙ පාලුයිද...?"

"එහෙමත් නෑ...ඒත් අම්මා නෑනෙ..."

"අපෙ අම්මා එක්ක ඉන්න...ඔයාගෙ අම්මා තරම් නෑ තමයි...ඒත් එයා ඔයාටයි මටය් කියලා වෙනසක් කරන් නෑ.."

"මං දන්නවා...."

රෂීගෙ තොල් වල තියන හීන් හිනාව අහසිට දැනුනෙ තමන්ව මායාවකට ඇද ගන්නවා වගේ...ඉක්මණට ඒ මායාවෙන් මිදිලා බිම බලා ගත්ත අහසි ආයෙ හිමිහිට ඉස්සරහට ඇවිදන් ගියා...

"අහසි..."

"ම්ම්...?"

"අවවාදයක් දෙන්නද..?"

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now