"රෂී එළියට එන්න...ඔයාට බෙහෙත් දාන්න ඕන...."
"මට පාඩුවේ ඉන්න දීලා යන්න"
නෂී කොච්චර කතා කරත් රෂී එකම උත්තරේ තමයි දුන්නෙ...නෂී ගෙ පස්සෙන් එතනට ඇවිත් හිටිය කියාරා නෂී දිහා බලලා දොරට අතක් තිව්වා...
"රෂී චුට්ටක් දොර අරින්නකො අ..."
දොරේ වැදිලා බිම වැටුන දෙයක් නිසා කියාරාගෙ වචන මග නැවතුනා...ආයෙත් කවුරුවත් රෂීව එළියට ගන්න උත්සහ කලේ නෑ..ඒ වගේ රෑ වුන වෙලාවක කියාරාව ආපස්සට යවන්න බැරි නිසා කියාරාව ගෙදර තියා ගන්න නෂී තීරණය කරා...රෑ කෑමටවත් රෂී එළියට ආවෙ නෑ...
______________________________________කාමරේට වැදුන රෂී දොර වහලා ලොක් කරලම දැම්මා...නෂී කොච්චර කතා කරත් දොර අරින්න එයාට හිතුන් නෑ...එයාගෙ ඔලුවෙ වැඩ කරේ එක දෙයයි...නෂී එයාගෙ කනට ගහන්න හදපු හැටි....කාගෙවත් වරදක් නෑ මෙතන තමන්ගෙ වරද විතරයි තියෙන්නෙ කියන්න රෂී දන්නවා..බයික් එක අරන් ගියා ගියාමයි රෑ වෙනකන් ෆෝන් ආන්ස නොකර ඉඳලා මහ රෑ,බයික් එකේ අධික වේගෙන් ගෙදර ආවා...ඒකට තමන් වැරදි...ඒත් නෂී තමන්ට වචනෙකින් රිදවන්න මීට කලින් උත්සාහ කරලා නෑ...ඒත් දැන් ඇයි කියලා එයා හිතුවා...ඊයෙ රෑ නෂී අඬපු තරම් රෂීට අතරින් පතර මතක් වුනා...
ඇවිත් සැරින් සැරේ කතා කර කර දොරට තට්ටු කරන නෂීගෙ කටහඬ ඇහුනත් එයාට සැරෙන් උත්තර දීලා නිකන් හිටපු රෂීට ඊළඟට ඇහුනෙ කියාරාගෙ කටහඬ....තද අමනාපයක් එක්ක අතට අහුවුන ෆෝන් එක රෂී දොර දිහාවට විසී කරා...දොරේ වැදුන ෆෝන් එක කෑලි කෑලි වෙලා බිම වැටුනත් රෂීට ෆෝන් එක ගැන වැඩක් නෑ...
'පලයන්'
හිතින් මුමුණපු රෂී ඇඳ ළඟ බිම වාඩි වෙලා කල්පනාවට වැටුනා...
කියාරා..මුලින්ම ආදරයක් දැනුන ඒ හිත ගැන දැන් දැන් පැහැදිලිව මතක මැවුනත් ඒක සම්පූර්ණ මතකයක් නෙවෙයි...රෂීට ඒ ගැන වැඩිපුරම මතක කියාරා නැතුව පාලු වුන ජීවිතේ විතරයි....කියාරා දීපු ආදරේ බිංදුවක්වත් මතක නැත්තෙ සමහරවිට කියාරා ඕනවටත් වඩා තමන්ව රිදවපු නිසා වෙන්නැති...එතනදිත් රෂීට වේදනාකාරී අතීතෙ විතරක්ම මතක් වෙන හැටි ගැන රෂීටම පුදුම හිතුනා... ආත්මානුකම්පාවක් හිත වෙලා ගනිද්දි රෂී තමන්ටම හිනා වුනා....
______________________________________
YOU ARE READING
the twins with double trouble✓✓ [Completed]
Non-Fiction"තමුසෙලා ඇත්තටම නිවුන්නුද?" 🚫කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීමෙන් වළකින්න...🚫 Beginning-2022/10/17 End-2022/12/18