18th trouble

290 60 1
                                    

"එයාගෙ මතකයෙන් එයාට ලොකු පීඩනයක් ගෙනාපු කොටසක්  මැකිලා ගිහිල්ලා මිස්ට ෆර්නෑන්ඩො....මේක කොච්චර කාලයක්ද කියලා අපිට හරියටම කියන්න බැහැ.... අවුරුද්දක්, දෙකක් සමහරවිට හැමදාටම වෙන්නත් පුලුවන්...සමහරවිට ඔයාලගෙ සපෝට් එකත් එක්ක ඉක්මණටම ඒ මතකය ආයෙ එන්නත් පුලුවන්, නොඑන්නත් පුලුවන්..."

ඩොක්ටට තෑන්ක්ස් කරපු මිස්ට ෆර්නෑන්ඩො එළියට ආවා....එළියෙ හිටපු නෂීට හැමදේම විස්තර කරපු මිස්ට ෆර්නෑන්ඩො අන්තිම වශයෙන් තීරණයක් ගන්න නෂීටම ඉඩ දුන්නා....

කියාරාව රෂීගෙ මතකෙ ඉන්නවද නැතිද කියන එක නෂීට තීරණය කරන්න දෙන එක තමයි එයා හිතුව විදියට සාධාරණ ම තීන්දුව....ඒත් එතනදි ඒක රෂීගෙ පැත්තෙන් අසාධාරණ වෙයි කියන එක කවුරුවත්ම හිතන්න නැතුව ඇති....
______________________________________

"ඩියා..."

"මට අඩුවක් දැනෙනවා...."

රෂී ගෙ රෝහල් කාමරේ ජනේලෙ ලඟ වාඩි වෙලා රෂී එක්ක කයියක් දාගෙන හිටපු ඩියා, රෂීගෙ ඒ වචන ටිකත් එක්ක ඇස් වල බැල්ම අහකට යොමු කරන හැටි රෂී නිරික්ෂණය කරා...

"ඇයි එහෙම කියන්නෙ...?"

"මට මොනා හරි මතක නෑ...අඩුම ගානෙ අමතක මොනාද කියලවත් මට මතක නෑ...."

"ඉතින් ඒකෙ තේරුම ඔයාට මුකුත් අමතක නෑ කියන එකනෙ..හා නැද්ද...?"

"නෑ ඩියා නෑ..."

"එහෙනම්..?"

"කතාවක් කියන්නද..?"

"හා කියන්නකො බලන්න.."

"ලෝකෙ ගෝලාකාරයි කියලා හොයා ගත්ත පළවෙනි දාර්ශනිකයා ඒ ගැන හැමෝටම කියද්දි සමාජෙ ලොකු පුටු වල හිටපු අය ඒක ප්‍රතික්ෂේප කරා....ලෝකෙ ගෝලාකාරයි කියලා දෙයක් නැහැ කිව්වා...ඒක සාමාන්‍ය ජනතාවගෙන් වසන් කරා...ඒත් ඇත්තම කතාව ලෝකෙ ගෝලාකාරයි...ලෝකෙ ගෝලයක් නෙවෙ කිව්ව පලියට ලෝකෙ ෆ්ලැට් වුනේ නෑ...එයාලගෙ විකාර හේතු නිසා ඒක පිළිගන්න බැරි වුනා විතරයි"

"දැන් ඒකෙයි මේකෙයි සම්බන්දෙ මොකක්ද?"

"සම්බන්දෙද, සම්බන්දෙ තමයි..ලෝකෙ ගෝලාකාර නෑ කිව්වට ලෝකෙ ගෝලාකාරයි වගේ, අමතක වුන දෙයක් නෑ කිව්වට අමතක වුන දෙයක් තියෙන්න පුලුවන්.....ඒක ඔයාලා මට කියන්නෙ නෑ මොකක් හරි හේතුවක් නිසා.."

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now