13th trouble

331 67 3
                                    

"රෂී නවත්ත ගන්න..අපි ගෙදර යන්න ඕන දැන්..."

ඩියා මේ කියන්නෙ විසි වෙනි වතාවට...ග්රැජුවේෂන් එකෙන් පස්සෙ හවස පාටි එකට සහභාගි වුන රෂී සීමාවක් නැතුව බොන්න ගත්ත එකෙන් ආතතියට පත් වුනෙ ඩියා...

රෂී කියාරාගෙ අන්තිම හමු වීමෙන් පස්සෙ මේ වෙනකන් ගෙවපු හැම දවසක්ම ගත කලේ කලබලෙන්,ආතතියෙන්...අද උදේ එයාගෙ හැසිරීම නිරීක්ෂණය කරපු ඩියා ඒක හරියටම හොයා ගත්තා...
_____________

පෙ.ව. 8.30

රෂී ඩියා දෙන්නා හිටියෙ උත්සව ශාලාවෙ වාඩි වෙලා....නෂී හිටියෙ වෙන ෆැකල්ටි එකක නිසා එයා හිටියෙ නෑ...ශෙවීන් හිටියෙත් පිටිපස්සෙ...රෂී නිතර බෙල්ල අතින් තද කර ගන්නයි,කකුල් හොලවන්නයි ගත්තෙ මෙතනට ආව වෙලාවෙ ඉඳලා....එයාගෙ වෙව්ලන අත් දෙක තමන්ගෙ අත් අතරට ගත්ත ඩියා එවා අත් වලින් තද කරලා අල්ල ගත්තා...

පැටලෙන කකුල් වලින් ස්ටේජ් එකට ගිය රෂී සහතිකේ අරන් ඇවිත් තමන් ලඟ වාඩි වෙනකන් ඩියා හිටියෙ රෂීටත් වඩා බයෙන්...ඒත් ඒක ගත්ත ගමන් රෂී නැගිටලා එතනින් යන්න ගියා...හොඳම ලකුනු ගත්ත ලමයා විදියට කතා කරන්නවත් රෂී එතන හිටියෙ නෑ...

"කෝ රෂීඩා....එයා එන්නෙ නැද්ද..?"

"එයා අසනීපෙන් ප්‍රොෆෙසර්...මං හිතන්නෙ එයා එන එකක් නෑ..."

අහපු හැම කෙනෙක්ටම එකම තැටිය රිපීට් කරපු ඩියා රෂීගෙ පස්සෙන් දිව්වා...රෂී වොෂ් රූම් එකේ සින්ක් එකට බර වෙලා ඉන්න හැටි දැක්කම ඩියා ගිහින් රෂීව තමන්ට වත්තම් කර ගත්තා....එයාගෙ මූණ සුදුමැලි වෙලා...හවස පාටි එකට යන්න ඩියා අකමැති වුනත් රෂී ට ඒකට යන්නම ඕන කිව්ව නිසා ඩියා ඒකටත් හිටියා....හැබැයි දැන් ඒකෙනුත් ආතතියට පත් වෙලා ඉන්නෙ ඩියා...
________________

කොහොම හරි රෂීව වත්තම් කර ගත්ත ඩියා වාහනේ ලඟට වෙනකම් ඇවිත් රෂීව ඇතුලෙන් වාඩි කරවලා සීට් බෙල්ට් දැම්මා...ඒත් එක්කම රෂීගෙ ෆෝන් එක රින්ග් වුන නිසා ඩියා ඒක ආන්ස කරා...

"කියාරා..."

"හෙලො හෙලො රෂී..."

"රෂී නැහැ..මං ඩියා කතා කරන්නෙ..."

"අනේ මට එයාට කතා කරන්න ඕන..."

"එයා ඔයාට කරන්න තියා තනියම හිටන් ඉන්න පුලුවන් තත්වෙකවත්  නෑ.. මොකක්ද වෙන්න ඕන.."

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now