32nd trouble

370 65 22
                                    

"අහසි ඔයාට හීනයක් තියනවද...?"

රෂී අහන්නෙ ගෙදර යන අතරෙ වාහනේ  ටිකක් නිදහස් නගරෙන් ඈත තැනක නවත්තලා...ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් අහසි තමන්ගෙ අතේ තියන මිල්ක්ශේක් එක දිහා බලන් ටිකක් වෙලා කල්පනා කරා...

"ඉස්සර එකක් තිබ්බා..දැන් වෙන එකක් තියනවා..."

"මට ඒ දෙකම කියන්න.."

"ඉස්සර හීන දැක්කා සාමාන්‍ය විදියට මැරි කරලා වෙඩින් එකක් අරන් සදහටම සතුටින් ඉන්න..."

"එතකොට දැන්..?"

"ඒ හීනෙ තේරුමක් නෑ ....මට දැන් ඕන සතුටින් ඉන්න විතරයි...ඒ වෙනුවෙන් කරන්න ඕන හැමදේම,හැබෑ කර ගන්න හිතන් ඉන්න හීන තමයි.."

"එකක් කියන්න.."

තමන්ගෙ මූණ දිහාවට වැටිලා තියන තියුණු ඇස් දිහා කෙලින් බැලුව අහසි,

"මං ආදරේ කරන කෙනා සදහටම සතුටින් ඉන්න එක..."

"එහෙම වෙන්න නම් මට මහන වෙලා නිවන් අවබෝධ කර ගන්න වෙයි මැණිකේ..."

"හැහ්..?"

"ඔව් සදහටම සතුටින් ඉන්න නම් දුක නැති කරන්න එපැයි..."

අහසිගේ හිනාව වාහනේ ඇතුලෙ පැතිරිලා ගියා...රශී කාලෙකට පස්සෙ හිනා වුනා,එයා බලන් හිටියෙ තමන් ඉස්සරහ පේන අව්‍යාජ දර්ශනය දිහා...හිත නිවන සුලු අහිංසක දර්ශනයක් ඒක....නොදැනිම වගේ රෂීගෙ හිත අහසිව කියාරා එක්ක සසඳලා ඉවරයි....

කොයි තරම් නරක වැඩක් වුනත් ඒකෙන් අහසිගෙ පැත්ත ජයග්‍රහණය කරපු එක රෂීට සතුටක් ගෙනාවා....

ආයෙ යන්න පටන් ගත්තත් ටික වෙලාවකින් අහසි නින්දට වැටිලා හිටිය නිසා රෂී වාහනේ නවත්තලා අහසිගේ සීට් එක පහසු විදියට හැදුවා...

කොහොමින් කොහොම හරි ගෙදරට එද්දි ටිකක් දවල් වෙලා...අහසිව ගෙදරින් දාලා රෂී ආවෙ වොශ් කරන් පොඩ්ඩක් නිදා ගන්න බලාගෙන..ඩෙක්ස්ටවත් අරන් හුරතල් කරලා,එයාට කන්න දුන්න රෂී ගෙයි ඇතුලට ආවා...අම්මා විතරක් හිටපු ගෙදර කරදරේකින් තොරව පැය ගානක නින්දක් දාන්න රෂීට පුලුවන් වුනා...නිවාඩු දවසට ඇරෙන්න අනිත් දවස් වල නෂී නැති නිසා ඒ ප්‍රශ්න පත්තරෙන් බේරෙන්නත් රෂීට පුලුවන් වුනා...

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now