27th trouble

311 64 18
                                    

"චූටි ඔයා අහසිට කන්න එන්න කියාගෙනම එනවද ...."

අම්මගෙ කීමට රෂී ගියා අහසිව එක්කන් එන්න....අහසිගෙ රූම් එකේ අඩවන් දොරට තට්ටුවක් දාලා රෂී කතා කරා....

"අහසි..ඔයාට කන්න එන්න කිව්වා..."

ඒත් සද්දයක් නෑ...

"අහසි ඔයා ඉන්නවද..?"

කිසිම සද්දයක් නැති කාමරේ දොර හිමීට ඇරගෙන රෂී ඇතුල් වුනා..අහසි කාමරේ නෑ...අහසිගෙ ෆෝන් එක ඇඳ උඩ තිබ්බා....වට පිට බල බල රෂී අඩියක් ඉස්සරහට තියද්දිම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වුන නිසා රෂී ඒ දිහා බැලුවා.... මැසේජ් එකක්...ඒක හරියටම කාගෙන් ද කියලා උඩින් වැටිලා තිබ්බා...

Kiyara akka

රෂීගෙ ඇස් ටීක් බෝල සයිස් එකට ලොකු වුනා...ෆෝන් එක අතට අරන් ඇවිත් තියන මැසේජ් එක බලපුවම රෂී දැක්කෙ එකක් නෙවෙ මැසේජ් තුනක් තියනවා....

"රෂී ට කොහොමද නංගි..?"

"එයා හොඳින් ඉන්නවද..?"

"මාව එයාට තාමත් අමතකද..?එයා ඔයා එක්ක දැන් කතා කරනවද..?"

රෂී ෆෝන් එක අතේ තියන් ඉද්දිම බාත් රූම් එකේ දොර ඇරුනා...එළියට අඩිය තියද්දිම අහසිගෙ ඇස් ගියෙ රෂීගෙ අතේ තියන ෆෝන් එකට...එයා පැනපු ගමන් ඒ ෆෝන් එක ගන්න ට්‍රයි කරත් රෂී ඒක උඩට කරල අල්ලන් ඉන්න නිසා අහසිට ඒක ගන්න බැරි වුනා...ඉතින් එයා බැගෑපත් වුනා...

"ෆෝන් එක දෙන්නකො...මොනාද ඕකෙ බලන්න තියෙන්නෙ..?"

"මං අහන ප්‍රශ්න වලට කෙලින් හරියට උත්තර දුන්නොත් ෆෝන් එක දෙනවා.එකඟයිද?"

"එකඟයි.."

"වාඩි වෙන්න"

අහසි වාඩි වුනාම රෂී මේසෙ ලඟ පුටුවෙන් වාඩි වුනා..

"කොහොමද කියාරා තමුන්ගෙ නම්බ එක දන්නෙ.?"

"එයා යන්න කලින් ඉල්ලගෙන ගියෙ..?"

"ඇයි එයා කතා කරන්නෙ?"

"විශේෂයක් නෑ ඉතිං.."

"එහෙනම් කොහොමද මේ චැට් එක ඇතුලෙ මගේ නම කියවෙන්නෙ අහසි,මට විස්තර ඇතුව පැහැදිලි කරොත් මේක මෙතනින් ඉවර වෙයි,තමුන්ට මගෙන් කිසිම ප්‍රශ්නයක් නෑ මට හැමදේම කිව්වොත්.."

the twins with double trouble✓✓ [Completed]Tahanan ng mga kuwento. Tumuklas ngayon