6th trouble

378 73 2
                                    

"රෂීඩා,ඔයා අඩුම ගානෙ මගෙන් පස්සෙ බිස්නස් බලා ගන්න එකවත් කරනවද කියලා මට කියන්න..."

"මං කරන්නම් තාත්තා..ඒත් මට දිගටම මියුසික් ඉගන ගන්න ඕනෙ.."

"ඔයාට ඕන දෙයක් කරන්න,ඒත් ඔයාගෙ වගකීම් ගැන අමතක නොකර..."

"හරි..."

"තව දෙයක්,ඔයාගෙ මැරේජ් එක ගැනත් අපිට කතා කරන්න වෙයි ළඟදිම"

"ඒ ගැන අපි කවදාවත් කතා කරන්නෙ නෑ තාත්තා...මං මැරි කරන්න කැමති නෑ..."

"හොඳයි ඒකට කල් තියනවා.."

කල්පනා කරලා එහෙම කිව්ව මිස්ට ෆර්නෑන්ඩො පඩිපෙල නැගලා උඩු මහලට ගියා....

රෂී බර හුස්මක් පහළ දැම්මා...සාක්කු වලට අත් දෙක දාගත්ත රෂී එළියෙ හිටපු ඩෙක්ස්ට වත් අරන් පාර දිගේ ඇවිදන් ආවා...හිත ඇතුළෙ ලොකු බරක් දැනෙනවා...ඒත් ඒක තේරුම් බේරුම් කර ගන්නවත් සිතුවිලි නැති වෙලා ඇති බවක් තමයි රෂීට දැනුනෙ...මොකක්ද මේ විහිලුව...තාත්තා බිස්නස් ගැන කියන එක සාමාන්‍ය දෙයක් කියමු...ඒත් මැරේජ් එකක් ගැන කියන්නෙ ඇයි...තමන්ව බලෙන් කාට හරි මැරි කරවයිද,එතනින් එහා ජීවත් වෙන්නෙ කොහොමද....පපුව වේගෙන් ගැහෙන්න ගද්දි,ඔක්කොම දමලා ගහලා ගෙදරින් යන්න හිතෙන තරම් රෂීගෙ හිත කඩන් වැටුනා...

"රෂී...ඉන්නකො මං එනකන්.."
______________________________________

"අන්කල් මොනාද ඒ කියන්නෙ, "

පඩිපෙල උඩ නතර වෙලා හිටපු කියාරා තමන්ගෙන්ම ප්‍රශ්න කලා...රෂී එළියට යනවා දැක්ක ගමන් එයාත් හොරෙක් වගේ අඩි තියලා එළියට ආවා...එයාට අනුමාන කර ගන්න පුලුවන් වුනා රෂී යන තැන,මොකද එයා කලින් ගිහින් තියන නිසා... ඒත් රෂී එයාට වඩා වේගවත් නිසා එයා හයියෙන් කෑ ගැහුවා...

"රෂී..ඉන්නකො මං එනකන්..."

කියාරගෙ කටහඬත් එක්ක රෂී ඒ දිහාවට හැරුනා..කොල පාට කොට කලිසමකට සුදු පාට විසල් ටී ෂර්ට් එකක් ඇඳන් සෙරෙප්පු දෙකත් අතේ අරන් දුවන් එන කියාරාව දැකලා රෂීට හිනාවක් යන්න ආවත් අමාරුවෙන් නවත්ත ගත්තා...

රෂී ලඟටම දුවන් ආව එයා රෂීගෙ උරහිසට අත තියන් වාරු වෙලා හති අරින්න ගත්තා...

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now