24th trouble

279 65 5
                                    

"කාලා යන්න චූටි..."

රෂී පහළට දුවන් එද්දි අම්මා කිචන් එකේ ඉඳන් කෑ ගැහුවා.කෑම මේසෙ කොණක අහසි ඉන්නවා දැක්කත් නැවතුනේ නැති රෂී දුවන ගමන් කෑ ගැහුවා...

"මට පරක්කුයී.. මං යනවා..."

"ඔය දරුවත් ක්ලාස් එක ලඟින් දාන් යන්න එහෙනම්..."

"හා...අහසි කාලා ඉවර නම් එන්න..."

අහසි වතුර එක  බිබි බෑග් එකත් උස්සන් දුවන් එද්දි, රෂී කා එක ගේට්ටුව ළඟින් නවත්තන් බලන් හිටියා...

අහසි කා එකට ඇතුල් වුන ගමන් රෂී වේගෙන් ආවා....අහසිගෙන් තැනත් අහගෙන ඇවිත් ක්ලාස් එක ලඟ කා එක නැවැත්තුවා....

"ඊයෙට තෑන්ක්ස් අහසි.... පරිස්සමින් යන්න....හවසට මං එනවා ඔයාව ගන්න.."

අහසි ඔලුව වනලා ගියාට පස්සෙ රෂී ආයෙත් කෙලිම්ම ආවෙ තමන්ගෙ ආයතනෙට....

"මැඩම් ඔයාට පාර්සල් එකක් තියනවා..."

රෙසිප්ෂන් එකේ හිටිය ගෑනු ළමයා කියද්දි රෂී එතන නැවතිලා කවුන්ටර් එක දිහාවට එබුනා....

"දෙන්න..."

පාර්සල් එක අතට ගත්ත රෂී තෑන්ක්ස් කරලා ඔෆිස් රූම් එකට ආවා....කෝට් එක ගලවලා තමන්ගෙ පුටුවෙන් වාඩි වෙලා පාර්සල් එක ගත්තෙ බලන්න..ඒක අලු පාට පොඩි කාඩ් බෝඩ් පෙට්ටියක්...ඒක ඇරලා ඇතුල බැලුවම තිබ්බෙ ෆෝන් එකක්...අලුත්ම එකක්....ඒකත් එක්ක තව ලිවුම් කවරයක්,..රෂී ඒක විවෘත කරලා ඇතුලෙ තිබ්බ සුදු පාට කොලේ ඇදලා අතට ගත්තා....ඒක ලියුමක්....එයා ඒක කියෙව්වා..

රෂී,
       ඔයාට මාව අමතක නිසා මං ඔයාට මාව හඳුන්වලා දෙන්නම්...

       හායි...මං කියාරා...

ඔයා මේක කියවද්දි මං ඔයාට හොයන්න බැරි තරම් දුරක ඉන්නවා වෙන්න පුලුවන්...ඔයාගෙ ඉල්ලීම ඉෂ්ට කරන්න මගේ පළවෙනි අඩිය මං තිව්වා... මං යන්නෙ තනියම වුනත් ඔයාගෙ මතක මං ලඟ තියේවි...

මං නිසා නැති වුන අන්තිම දේ මං ඔයාට මේකත් එක්ක එවනවා...ඒක ඔයාට මගේ මතකයක් නොවේවි කියලා හිතනවා...

මං දන්නවා අපේ අතීතෙ ඔයා එක්ක නැහැ කියන්න...ඒත් ඒක මං ලඟ තියෙන්න දෙන්න කියලා මං ඉල්ලනවා..මං ලඟ විතරක් තියන නිසා ඒ අතීතෙ  ඔයාට බාධාවක් නෙවෙයි...අපි ආයෙ කවදා හරි මුණ ගැහෙයිද කියලා මං දන්නෙ නෑ...මට ඒ ගැන බලාපොරොත්තු නෑ...අන්තිමටම, මට සමාවෙන්න,ඔයාට රිදෙව්වට....ඒ වගේම ස්තූතියි, කොන්දේසි නැතුවම මට ආදරේ කරාට...ඔයාව ලබන්න බැරි වුනාට,ඒ ආදරේ මාව ජීවත් කරාවි හැමදාම...හිනාවෙලා ඉන්න...ඔයාගෙ හිනාව තමයි ලස්සනම...
                                             කියාරා...

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now