2nd trouble

641 89 11
                                    

"ඔයාලගෙ වැඩ නිසා මගෙ ස්වීටිට වෙච්ච දේ බලන්න ඩෝට...මොනාද මේ චීප් වැඩ ආ..මේ එයාව හොඳටම වෙව්ලනවා...."

(තමන්ව තලල පොඩිකරල අල්ලගෙන ඉන්න එක ගැන තරහෙන් ගොරවන හුරතලා වෙව්ලන බව වරදවා වටහ ගත්ත කාන්තාව කියද්දි නෂී ආයෙත් බැගෑපත් වෙන්න ගත්තා)

"සමාවෙන්න මිසිස් රාණි...මං මේ ගැන චූටිට අවවාද කරන්නම්..."

මේ අතරෙ,සැර කෑ ගැහිල්ලකුත් එක්ක ඇහුන අසරණ කටහඬ කාගෙද කියලා,තත්පර ගානක් ඇඳේ ඉඳන්ම ඇස් පියාගෙන ඉන්න ගමන්  ඔලුවට ප්‍රොසෙස් කර ගත්ත රෂීඩා ඒ සැර කටහඬ එහා ගෙදර ඇන්ටිගෙ බව තහවුරු කර ගත්තා

"හැබැයි දැනුවත්ව මං වරදක් කරේ නම් නෑ..."

රෂී ඇඳේ ඉඳන්ම කල්පනා කරා..

එහෙමම හොරෙක් වගේ නැගිටලා, නෂීගෙ බැල්කනි එකට අඩි තිව්ව රෂී දැක්කෙ මඩ ඌරෙක් වගේ මිසිස් රාණිගෙ අතේ ඉන්න හුරතලා...ඔය කියන හුරතලා Chihuahua වර්ගෙ කටසැර බල්ලෙක්..උගේ ප්‍රියතම රාජකාරිය වුනේ රෂීලගෙ වත්ත වටේ රවුම් ගහන එකයි,මහ රෑටත් ඇහැරගෙන පිස්සෙක් වගේ බුරන එකයි...ඌ ඒ ගෙදරට ආව දවසෙ ඉඳලා රෂීට නින්දක් තිබ්බෙම නෑ....ඒ නිසා මේ වෙද්දි රෂීට ඌව පෙන්නන්නම බැරි චරිතයක් වෙලා හිටියා..

ඒ නිසාම ඌව දැක්ක ගමන් කොහෙද නැති හිනාවක් රෂීගෙ කටින් එළියට පැන්නා....ඒකෙන් මේකෙන් අසූහාරදාහටම නැගපු මිසිස් රාණි ස්වීටිවත් උස්සන් රවාගෙනම ඇතුලට ගියා....මෙච්චර වෙලා අනිත් පැත්ත හැරිලා හිටපු නෂී හෙමිහිට රෂී ඉන්න පැත්තට හැරුනත් එක්කම රෂීගෙ හිනාව නැවතුනා.....

"මිස් රෂීඩා ෆ,කින් ෆර්නෑන්ඩො.."

නෂීගෙ මූනෙ තිබ්බ පෙනුම දැක්ක රෂීට කෙල ගුලියක් ගිලුනා...

"හැ?"

"තමුසෙගෙ අර ඉලව් මඩ වල කරුණාකරලා වහලා දානවා,නැත්තන් වෙන තැනක ඒ බහුබූතෙ හදා ගන්නවා.තමුසෙගෙ ගොන් වැඩ නිසා හැමදාම අර පිස්සු ගෑනිගෙන් බැනුම් අහලා මට ඇති වෙලා තියෙන්නෙ..ඊළඟ වතාවෙත් බූරු වැඩ කරන්න හිතන් ඉන්නවා නම් තමුන්ම ඇවිත් එයාගෙ බැනුම් ටිකත් අහ ගන්නවා..."

මූණටම ළං වෙලා රෂීට කෑ ගහපු නෂී කාමරේට වැදුනා...මරණීය නිහඬතාවයෙන් ගෙවුන තත්පර දෙකකට පස්සෙ,

the twins with double trouble✓✓ [Completed]Onde histórias criam vida. Descubra agora