5th trouble

419 77 4
                                    

"චූටි තමුසෙගෙ බඩු මගේ කාමරේ දාලා යන්නෙපා කියලා මං කියලා තියෙනවා...මොන වදයක්ද මේ...?"

"මොකක්ද ඕයි පොඩ්ඩක් තිව්වා කියලා තමුසෙගෙ අත පය ගෙවෙන් නෑනෙ...."

"අනේ මේ අරන් යනවකෝ මේක...බලනවකො මගෙ මේසෙන් බාගයක්ම ඉවරයි..."

"බෑ මගෙ කාමරේ අස් කරන් මිසක් අරන් යන් නෑ..."

"විසි කරනවා හැබැයි..."

"හා අලුත් එකක් ගෙනත් දෙනාද..?"

"මොන වදයක්ද අනේ...."

උදේ පාන්දර කෑ ගැහිල්ලක් ඇහෙන්න ගත්ත නිසා කියාරා ඇහැරුනා....ඇසුත් අතින් පොඩි කර කර දොරෙන් ඔලුව එළියට දාලා කොරිඩෝව දිහා බලපු එයා දැක්කෙ රෂී ගෙ රූම් එක ලඟ බඩු ගොඩක් ගොඩ ගහලා...ඒවයින් ටිකක් නෂීගෙ කාමරෙත් එක්ක....එහෙම බලන් ඉද්දි රෂී තමන්ගෙ කාමරෙන් එළියට ආවා....එයා ඇඳන් හිටපු අත් කපපු උඩු කය වැස්ම දාඩියට පෙඟිලා..ඒක ඇඟටම ඇලිලා....එතනම බිම තිබ්බ පොත් ගොඩක් උස්ස ගත්ත එයා කාමරේට යන්න හැරුනත් එක්කම දැක්කෙ කාමරෙන් එළියට ආව කියාරාගෙ පුංචි ඔලුව...

"ආ good morning කේක් ගෙඩිය..."

"Good morning...
ඈ මොකක් කිව්වා..?"

රෂී මුකුත් නොකිය හිනා වෙවීම ඇතුළට ගියා...එයා මුකුත් නොකිය යන දිහා කන්ෆියුස් ලුක් එකකින් බලන් හිටපු කියාරා නෂීගෙ කාමරේ ඇතුලට රිංග ගත්තා....
______________________________________

රෂී කාමරේ අස් කරලා නෂීගෙ කාමරෙන් තමන්ගෙ බඩු ටික අස් කරගෙන, ඒ කංකරච්චලෙන් මිදිලා නිවාඩු පාඩුවෙ නා ගත්තා...ඊලඟට ඇඳුමක් දාන් උදේ කෑමත් තනියම නිදහසේ අරගෙන එයා ගියෙ තමනෙ ෆුට් බයිසිකල් මිත්‍රයා බලන්න....ඒත් එයාට අඩුවක් තේරුනා...කෝ ගෙදර අනිත් අය..
...................,........

නෂී එක්ක කියාරා හිටියෙ රෂී හැමදාම යන මුහුදු වෙරළෙ....වෙරළ පුරා දුව දුව විකාර කරන දෙන්නා එක්ක අද අලුත් යාලුවෙකුත් එකතු වෙලා....වෙන කවුරුත් නෙවෙ,නිතරම කූඩුවෙම ඉන්න,රෂීට විතරක් අවනත රෂීගෙ හුරතලා ඩෙක්ස්ට, ඩොබමන් වර්ගයෙ කලු පැහැ සුනඛයෙක්....

ඒ වුනත් අද ඩෙක්ස්ට වැඩිපුර ඉන්නෙ කියාරා ලඟ....කියාරාගෙ වටේ දැවටි දැවටි සෙල්ලම් කර කර හිටපු ඩෙක්ස්ට එක පාරටම නැවතිලා හයියෙන් බුරන්න ගත්තා...ඩෙක්ස්ට ගෙ බැල්ම යොමු වෙලා තියන දිශාවට නෂීයි කියාරායි  හැරුනම දැක්කෙ එයාලා දිහාවට ඇවිදන් එන රෂී....රෂී ළඟට දුවලා ගිය ඩෙක්ස්ට රෂීගෙ ඇඟට පැන්නා...ඩෙක්ස්ට එක්කම බිම වැටුනු  රෂී එහෙමම ඩෙක්ස්ට ගාවින් බිම වාඩිවෙලා  එයාගෙ හිස පිරිමදින්නයි,හුරතල් කරන්නයි ගත්තා...

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now