21st trouble

313 63 9
                                    

"චූටි.."

"ම්ම්ම්..."

බියර් කෑන් එක ස්ටූල් එක උඩින් තියලා රෂී බැල්කනි එකේ අත් වැටට පිට දීලා හේත්තු වුනා...පුටුව උඩ වාඩි වෙලා හිටිය නෂී කොණ්ඩෙ ගොත ගොතම ලොකු කතාවකට වගේ ලෑස්ති වුනා...

"ඔයා දිගටම මේ විදියට ඉන්නද කල්පනාව චූටි...?"

"මේ විදියට කියන්නෙ..?"

"ඔහොම තනියම"

"මේකෙ මොන තනියක්ද නෂී..මට ඔයාලා ඉන්නෙ..."

"අපි හැමදාම ඉන්නෙ නෑනෙ චූටි...ශෙව් හිටියා නම් මං අදත් ගෙදර,මෙහෙ නෑනෙ...අම්මයි තාත්තයි කියලත් හැමදාම ඉන්නෙත් නෑනෙ...."

"මං මොනාද කරන්න ඕන නෂී..."

"ඔයා ඔයා ගැන හිතන්න ඕන චූටි..."

"මං ගැන..."

"ඔව් ඔයා ඔයාට පාට්න කෙනෙක් හොයන් සතුටින් ඉන්න ඕන..."

"ඔයා කොහොමද ඔහොම කියන්නෙ නෂි...මං ගැන දැන දැනම..."

"මං ඔයාට කියනවා නෙවෙ චූටි...මං කරන්නෙ ඉල්ලීමක්...මගෙ චූටි මෙහෙම බලාපොරොත්තුවක් නැති මනුස්සයෙක් වගේ ඉන්නෙක මට දරා ගන්න අමාරුයි...හැමෝටම වඩා ඒක තේරෙන්නෙ මට.."

ඉන්න තැනින් නැගිටලා රෂීගෙ අත් දෙක  තමන්ගෙ අත් වලින් පපුවට තද කර ගත්ත නෂී ඇස් වල කඳුලුත් පුරවන් කියද්දි රෂී මුකුත්ම නොකියා හිනා වෙලා නෂීව පපුවට තද කරන් ඒ පිට මෘදුව පිරි මැද්දා..

"නාඬා ඉන්න නෂී....මේ ජීවිතේ මං ගොඩක් දේවල් වින්දා...අමතක වුනත් මං ගොඩක් දේවල් විඳලා තියනවා...මට ඒ දේවල් එක්ක මේ ඉන්න විදිය ගැන අවුලක් දැනෙන් නෑ නෂී..."

"අනේ චූටි...,"

"මාව ගොඩක් හිස් වෙලා...මට වෙන කාටවත් ආදරේ කරන්න හිතෙන් නැහැ...මං කැමතියි වේදනාවක් වුනත් එයාව ආයෙ මතක් වෙනවා නම්....ඒ තරම් මට පාලුයි නෂී...."

රෂීගෙ හිස් ඇස් වල කඳුලු පටලයක් බැඳිලා ලයිට් එළියට යන්තමට දිස්නෙ දුන්නා...කියන්න දෙයක් හිතා ගන්න බැරි වුනත් නෂී පුලුවන් තරම් රෂීගෙ හිත හදන්න උත්සාහ කරා...මහ රෑ වෙනකන් කතා කර කර ඉදලා නෂී ගියත් රෂී බැල්කනි එකේම නැවතුනා...

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now