15th trouble

334 59 1
                                    

තමන්ගෙ නළල ස්පර්ශ කරන උණුසුමක් නිසා රෂී තමන්ගෙ ඇස් විවර කරා....නැගිටින්න ඕනම වුනත් තමන්ව පපුවට තුරුල් කරන් නිදාගෙන ඉන්න කියාරාව දැක දැක නැගිටින්න බෑ කියලා රෂීගෙ හිත කිව්වා...ඒ හීනි ඉන වටේට එතිලා තිබ්බ අත් තව ටිකක් හොඳට ඔතා ගත්ත රෂී තමන්ගෙ මූණ ඉස්සරහා පේන ඒ පිරුණු පුංචි පපුව ට හාදුවක් තිව්වා...

"Good morning බූබූ"

"Very good morning මැණික...ඔයා නැගිටලද හිටියෙ...?"

"හ්ම්...ටිකක් වෙලා..."

"ඇයි අවදි නොකලෙ...?"

"බබෙක් වගේ දොයිනෙ...කෝමද අවදි කරන්නෙ..."

තමන්ට පහළින් පේන රෂීගෙ මූණ දිහා බලන් ඒ අකීකරු කොණ්ඩෙ මූනෙන් ඉවත් කර කර කියාරා කතා කරා... සමහරවිට ගෑනු ළමයෙක් වගෙ හිටියා නම් ඒ මූණ මෙච්චර හුරතල් පාට නොවෙන්න තිබුණා...දකුණු පැත්තෙ නාහෙට පහලිනුයි කම්මුලෙයි තියන ලප දෙකකින් ඒ මූණ තව ලස්සන වෙලා...

කියාරාගෙ කතාවත් එක්ක හිනාවකින් පිරුණ මූන දිහා බලන් හිටිය කියාරා ඒ නළලට හාදුවක් තිව්වා...

"මං ආදරෙයි රෂී..."

කියාරාගෙ කටහඬ හැඟීම් වලින් පිරිලා...රෂීට ඒක දරා ගන්න බැරි තරම්...පොඩ්ඩක් උඩට ඇවිත් කියා ගෙ මූනට සමාන්තරව එබුන රෂී ඒ ඇස් හරි ළඟින් පරීක්ෂා කරා...ළඟ ළඟ උණුසුම් හුස්ම දැනෙද්දි රෂී හෙමින් සැරේ කියාගෙ තොල් වල පැටලුනා,..ඇස් දෙක පියවිලා යද්දි හදවත් දෙකක් එකම රිද්මෙකට ගැහෙන්න ගන්න හැටි රෂීට දැනුනා...පෙති තැලෙයි බිඳෙයි කියලා බයෙන් අතට ගන්න චෙරි මලක් තරම් පරිස්සමට ඒ මොහොතෙ රෂීගෙ අත් වල කියාරා සැනසුනා...

ඒ හැඟීම කියා ගන්න රෂීට අදටත් බෑ..කවුරු කොහොම කිව්වත් ඒක විස්තර කරන්න පුලුවන් හැඟීමක් නෙවෙ...කියාරා එතනදි කොහොම හිතුවත් රෂී අදටත් ඒ පළවෙනි දෙවනි හැම මොහොතක්ම තමන්ගෙ මතක ඇතුලෙ පරිස්සමින් තියන් ඉන්නවා...
_____________________________________

"රෂී ඔච්චර ටෙන්ෂන් වෙන්න දෙයක් නෑ පුතා...ඔයා එක්ක මං ඉන්නවා..."

රෂී තාත්තා එක්ක කම්පැනි එකට යන්න ලේස්ති වුනාට එයා තාමත් කලබලයි....රෂීගෙ තාත්තාගෙ ආයතනය රෙදි ගෙන්වීම සහ බෙදා හැරීම කරන සාර්ථක ම ආයතන වලින් එකක්...රෂීට හිතා ගන්න බෑ තමන් තාත්තගෙ තැන ඒ වගකීම් තමන්ට ආදේශ කරන් වැඩ කරන්නෙ කොහොමද කියලා...ඒ තරම් ලොකු වගකීමක් එයාට ගන්න පුලුවන් වෙයිද කියලා එයාට තාම විශ්වාසයක් නෑ....

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now