19th trouble

315 59 7
                                    

"නෂී තමුසෙට තිබ්බා මට කියන්න...."

"මං බය වුනා.."

"මොන එහෙකට බය වෙන්නද නෂී.?"

"මං බය වුනා ඔයා ආයෙ විඳවනවා බලන්න නෂී...මට සමාවෙන්න ඒ තීරණේ ඔයාගෙ පැත්තෙන් අසාධාරණ වුනා නම්.."

"සමාව ගන්න දෙයක් නෑ....ඕක අමතක කරලා දාන්න...මගෙ මතකෙ ආවත් මට ඔය ගැන හිතන්න හේතුවක් නෑ දැන්..."

තමන්ගෙ ඉස්සරහ ලැප් ඒකෙ තිබ්බ ෆයිල් එක ඩිලිට් කරලම දාපු රෂී පුටුවෙන් නැගිට්ටා..නෂී රෂීගෙ අතින් අල්ලලා ආයෙම වාඩි කරා...

"ම්ම්...ඇයි...?"

"එයා ආයෙ ආවොත් ඔයා එයා ට කැමති වෙයිද..?"

"දන්නෙ නෑ නෂී...මාව මොන හේතුව නිසා හරි එච්චර ලේසියෙන් දාලා ගියා නම් ආයෙ එයාව විශ්වාස කරන්න මට හිත හදා ගන්න අමාරු වෙයි.එයාව නෙවෙ..ඕනම කෙනෙක්..මට ඒකට කාලයක් යයි..."

මුකුත්ම නොකිය සිනිඳුවට හිනා වුන නෂී රෂීගෙ අතක් මෘදුවට පිරිමැද්දා නිකන් හැමදේම හරි යයි කියන්න වගේ..
______________________________________

"ඩෙක්ස්ට මෙහෙ එන්න..."

රෂී ගෙ එක වචනෙට ඩෙක්ස්ට දුවන් ආවා..බීච් එකේ වැලි පොළොවෙ රෂීට හේත්තු වෙලා වාඩි වුන ඩෙක්ස්ට තමන්ගෙ මූණ රෂීගෙ උකුලෙන් තිව්වා...

"මට පාලුයි ඩෙක්ස්ට...."

"ලොකු හිස්තැනක් තියනවා..."

"හැමෝටම කොහොම කිව්වත් පුරවන්න බැරි අඩුවක් තියෙනවා කොහේ හරි...."

"නෂී කියනවා වගේ මතකෙ මැකුණ නිසා මට දුකක් දැනෙන් නැතිව ඇති...එත් මේ තියන හිස් බව,තනිකම ඔක්කොටම වඩා මට දුකක් ඩෙක්ස්ට...අඩුම ගානෙ මට දැන් බලාපොරොත්තුවක්වත් දැනෙන් නෑ...ආදරේ කරන කෙනෙක් ගැන කිසිම ආසාවක්,අදහසක් නෑ...මං මොකද කරන්නෙ ඩෙක්ස්ට...මට මෙහෙම අසම්පූර්ණ හැඟීමක ජීවත් වෙන්න ඕන නෑ..."

හැමදේම තේරුණා වගේ තමන්ගෙ අත රෂීගෙ අත උඩින් තිව්ව ඩෙක්ස්ට පුංචි කෙඳිරුමක් නිකුත් කලා...ඩෙක්ස්ටගෙ අහිංසක කලු ඇස් දිහා බලපු රෂී ආදරෙන් හිනා වුනා...

"මං දන්නවා ඔයාට කරන්න දෙයක් නෑ කියලා..ඒත් මං එක්ක ඉන්නවට තෑන්ක්ස් ඩෙක්ස්ට...මගෙ හැඟීම් විවේචනය නොකර ළඟ ඉන්නෙ ඔයා විතරයි..."

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now