10th trouble

355 69 8
                                    

"එයාට කායිකව විතරක් නෙවෙයි,මානසිකවත් හොඳ විවේකයක් ලැබෙන්න ඕන මිස්ට ෆර්නෑන්ඩො....එහෙම නැත්තන් එයාව මීටත් වඩා දුර්වල වෙන්න ඉඩ තියෙනවා..."

"හොඳයි ඩොක්ට අපි එයාව බලා ගන්නම් හොඳට.."
______________________________________

ගෙදර එක්කන් ආවට පස්සෙ බෙහෙත් ටික පොවලා ආයෙත් රෂීට නිදා ගන්න දුන්නා...ඒත් කියාරා ට රෂී ලඟින් අයින් වෙන්න කැමැත්තක් තිබුනෙ නෑ...

රෑ මැද අඩ නින්දෙ ඉද්දි කියාරා කල්පනා කරා රෂීට දැන් කොහොමද දන් නෑ කියලා....උදේ එකත් පහු වෙනකන් කල්පනා කර කර හිටපු. කියාරා නැගිටලා රෂීගෙ කාමරේ දිහාවට ගෑටුවා....

ඇඳ උඩ රෂී නිදාගෙන ඉන්නවා...නයිට් ස්ටෑන්ඩ් එකේ එළියෙන් ඒ සුදුමැලි මූනෙ විඩාපත් ගතිය කියාරාට පෙනුණා....කියාරා ගිහින් ඒ ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා වාඩි වුනා....එහෙම එයා බලන් හිටියෙ රෂීගෙ හුස්ම වැටෙන දිහා...හරිම සන්සුන්...හෙමීට ඒ කෙටි කොන්ඩ කෑලි අතරෙන් තමන්ගෙ අතැඟිලි අරන් ගිය කියාරා විනාඩි ගානක් ඒ දේම කලා ...රෂී ට ඒ දේ නොදැනිම තාමත් එයා ගැඹුරු නින්දක...එකපාරටම ආපු සිතුවිල්ලක් එක්ක කියාරා පහත් වෙලා ඒ නළල උඩ දෙතොල් තද කරා....එහෙමම තත්පර දෙකක් ඉඳලා ආයෙ හිටපු ඉරියව්වට ආව කියාරා බැලුවෙ රෂී නැගිටලා ද කියලා....නෑ රෂී තාම නිදි....

වෙනසක් නැතුවම ඒ හිස පිරිමැදපු කියාරා ආදරණීය හිනාවක් පුරවන් ඒ මූණ දිහා බලන් හිටියා...ඒ අතරෙ තද සීතල නිසාදෝ නින්දෙ හිටපු රෂී,තමන්ගෙ  ලඟම තිබුන කියාරාගෙ කකුල් වටේට අත දාලා ගුලි වුනා...තව ටිකක් හොඳට රෂීට බෙඩ් ෂීට් එක පෙරවපු කියාරා ඒ හිස පිරිමදින ගමන්ම යන්තමට ඇස් පියා ගත්තා....
______________________________________

දැනෙන සනීපදායක උණුසුමක් එක්ක රෂී ඇහැරුනා...ඇස් පියාගෙනම ටිකක් ඉඳපු එයා ඇස් ඇරලා බලද්දි එයාට පෙනුනෙ ටෙඩියො ඉන්න නයිට් සූට් එකකින් ආවරනය වුන කකුල් දෙකක්...හිමින් හිමින් වට පිටාව බලපු රෂී ඒ කකුල් අතෑරලා නැගිට ගත්තා...බෙහෙත් නිසා රෂීගෙ  ඇඟට සනීපයක් දැනුණා....එයා නැගිටලා එහෙමම කියාරාව ඇහැරෙන් නැති වෙන්න උස්සලා අත් දෙකට අරන් ඇඳෙන් තිව්වා....කියාරාව එහෙම තියලා එයා බාත් රූම් එකට වැදුනෙ වොෂ් දාන් එන්න හිතන්....
____________________________________

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now