14th trouble

351 68 1
                                    

"බබා මං එන්නද..?"

දොරට තට්ටු කරන හඬත් එක්ක, රෂීගෙ කටහඬ කෙඳිරිල්ලක් වගේ පිටතින් ඇහුනා....

ටිකකින් ඇරුනු දොර ලඟ  ලොකු හුරතල් හිනාවක් මූනෙ තියන් රෂී හිටගෙන ඉද්දි රෂීගෙ දර්ශන පථයට අහු වුනේ එයාට නම් ලෝකෙ තියන ලස්සනම දර්ශනය....

ලා රෝස පාට කොට කලිසමකට ඒ පාටම ලොකු ටී ෂර්ට් එකක් ඇඳපු කියාරා රෂීට ස්පර්ශ කරන්න බය හිතෙන තරම් ලස්සනයි...ඒ සුදු හම ඒ තරම්ම සියුමැලි වුනේ කොහොමද කියලා එයාට හිතා ගන්න බැරි වුනා...නිතරම ගොතන් ඉන්න දුඹුරු පාට රැලි කොණ්ඩෙ නිකන්ම ඔහේ උරහිසක් උඩින් දාගෙන අද....

රෂී කියාරා කියන ආත්මෙ හිතින් අල්ල ගත්තෙ කියාරාව දකින්න කලින්...කියාරා කියන නම නිසා එයාගෙ හදවතේ රිද්මය වැඩි වුනේ කියාරා එයාට ලං වෙන්නත් කලින්...ඒත් රෂීට කියන්න පුලුවන් ඒ රූපෙ නිසා එයා ආයෙ ආයෙ කියාරාට ආකර්ෂණය වෙනවා....ඒ තරම් කියාරා කියන්නෙ භාවනාවක්...ඒත් රූපෙ කියන්නෙ හැමදේම නෙවෙ...

ඒ සිතුවිල්ලත් එක්ක තුෂ්නිම්භූත වෙලා හිටපු රෂී මේ ලෝකෙට ආවා....හෙමීට කියාරා එක්ක කාමරේ ඇතුලට අඩි තිව්ව එයා දොර වහලා දැම්මා....

නිහඬතාවය එක්ක කාමරේ ඇතුලෙ අපහසුකාරී වාතාවරණයක් ඇති වෙන්න තත්පරයයි ගියෙ...රෂී ඉක්මනට උගුර පෑදුවා...

"බබා..."

"ම්ම් කියන්න රෂී.."

මුකුත් නොකිව්ව රෂී දිගටම කියාරා දිහා බලන් හිටියා...හිතේ ප්‍රශ්න ගොඩයි...පටන් ගත්ත ගමන් ඒවා නිසා අවුල් වෙන්න රෂීට ඕන වුන් නෑ...එයා ගිහින් කාමරේ සෝෆා එකෙන් වාඩි වුනා....

"එන්න මෙතනට.."

කියාරාට තමන් ලඟට කතා කරාම කියාරා ඇවිත් රෂී ලඟින් වාඩි වුනා... ඒ කර වටේ අතක් යවපු රෂී දිග කතාවකට මුල පිරුවා....

"මට අහන්න දේවල් ටිකක් තියනවා බබා...කමක් නැද්ද .?"

"කමක් නෑ "

කියාරගෙ හිත කිව්වා එයාගෙ හැඟීම් ගැන රෂී අහයි කියළා..

"ගෙදර අය කතා කරාද...?"

කියාරාගෙ ඇස් මොහොතකට ගැස්සුනා...එයා හිතුව දේ නෙවෙයි රෂී ඇහුවෙ..

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now