8th trouble

349 68 2
                                    

"ශෙවාන් අයියගෙ කා එකේ යශේන් අයියයි මමයි සවීනායි යනවා,  ඊලඟට ශෙවීන්ගෙ කා එකේ ඩියායි භෂ්මි කියාරායි යනවා...එතකොට ර.."

"මායි ඩෙක්ස්ටයි මගේ වාහනේ එන්නම්..."

නෂී ඉක්මනින් බැලුවෙ රෂී දිහා...

"මොකක්ද ඔයාගෙ?"

"තාත්තා දීපු කා එක.මගෙයි ඩෙක්ස්ටගෙයි බඩුයි ටෙන්ට් දෙකකුයි ඒකට දාලා ඇත්තෙ..."

"ඔයාට ශුවර්ද රෂී? ආයෙ ප්‍රශ්නයක් නැති වෙයිද..?"

"එදා ඒක ඉවරයි ශෙවී.මං එවෙලෙ හොඳින් නෙවෙ හිටියෙ කියල දන්නවනෙ...ඔයාලට සුවර් නැත්තන් කවුරුහරි එන්න ඩ්‍රයිව් කරන්න..."

"හරි හරි ඒක අවුලක් නෑ..."

නෂී සැකෙන් වගේ ඔලුව වන වන කිව්වා...

විනාඩි ගානක් යද්දි හැමෝම ගමන පිටත් වෙන්න ගේට්ටුවෙන් එළියට වාහන ටික ගත්තා...කොහොම වුනත් අන්තිමට එලියට ආවෙ රෂීගෙ කලු පාට අවුඩිය...පිටිපස්සෙ හිටිය ඩෙක්ස්ට වාහනෙන් එලියට ඔලුව දාන් හිටියා...

මාවනැල්ල පැත්තට ගිහින් මගින් වාහන දාලා කෑමත් කාලා,2km ක් වගේ ඇවිදන් ගිහින් තමයි කට්ටියට බතලේගල කන්ද නගින්න යන්න පුලුවන් වුනේ....ඩෙක්ස්ට නම් රෂී එක්ක දුව දුව ආවෙ ලොකු නිදහසකින් වගේ....යන්න තිබුන පාර එතරම්ම අපහසු නොවුනෙ ඒක හැමෝම පාවිච්චි කරන පාරක් නිසා වෙන්නැති....රෂී එක්කම ආවෙ කියාරා....ටිකක් දුර යද්දි එයාගෙන් පෙනුනෙ මහන්සි ගතියක් නිසා අතරමඟ හම්බුන පන්සලකට ගිහින් ටිකක් වෙලා ඉඳලා තමයි ආයෙ යන්න පටන් ගත්තෙ...

කොහොම හරි කට්ටිය තැනට එද්දි ටිකක් හවස් වෙලා නිසා මුලින්ම කරේ ටෙන්ට් ටික හදපු එක....ටෙන්ට් හදලා කෑම රත් කරන්න තැනකුත් ලෑස්ති කරලා පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිදලා වාඩි වෙලා,ෆොටො එකක් එහෙම ගන්නත් කාටත් ඕන වුනා...

ඔක්කොටම පස්සෙ නෂී ශෙවාන් දෙන්නා පැත්තක කොඳුර කොඳුර ඉද්දි ඩියායි ශෙවීනුයි යශේනුයි සවීනායි භෂ්මි මොනාදො විකාර කියව කියව හයියෙන් හිනා වෙවී හිටියා...කියාරා නම් ඩෙක්ස්ට ගෙ පස්සෙ දුව දුව හිටියා...ඒ දෙන්නා කොහොමත් යාලුයිනෙ...ඩෙක්ස්ට අනිත් අය ළඟට යන්න කැමති වුනෙත් නෑ කොහොමත්....යශේන් ශෙවාන් දෙන්නට එයා කොහෙත්ම කැමති වුනෙත් නෑ...

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now