Chapter 4

120 35 8
                                    

"මොකද ටේටේ උනේ...ඔයා ගෙදර ගිහින් ආ වෙලේ ඉදන්ම මූන එල්ලගෙනයි ඉන්නේ.."

"හ්ම්..."

"මොකද උනේ...මට කියන්න බැරි දෙයක්ද"

"ම්හු..."

"එහෙනම්...මන් ඔයා කියන ඕන දෙයක් අහන් ඉන්නවා කියලා ඔයා දන්නවනේ "

ඇදවිට්ටමට හේත්තු වෙලා හිටි ජිමින් එයාගේ උකුලේ ඔලුව තියන් හිටි ටේගේ කෙස් අතර ඇගිලි යවනගමන් කිව්වා..

"අප්පා කියනවා මට ගැන්ග් එක බාරගන්න කියලා.."

"දැන්ම...එයා ඔයාගේ ස්ටඩිස් ඉවර උනාට පස්සෙනේ ගැන්ග් එක බාරදෙන්න හිටියේ"

"ඔව්..ඒත් ඔයාගේ අප්පා අපේ ගැන්ග් ලීඩර්ව මරලා..මගෙ අප්පට දැන් ඕනි එයාට ඔයාගේ අප්පාගෙන් ගන්න තීන හැම පලියක්ම මන් ලව්වා අරගන්න...."

"ම්..."

"ඔයා දන්නවනේ මිනි..මන් කවදාවතම ගැන්ග් එක බාරගන්න කැමති නෑ කියලා.
මන් මෙච්චර උනන්දුවෙලා ඉගෙන ගන්නෙත් ඒ පැත්තෙන් ඉස්සරහට ගිහින් ලස්සන ජීවිතයක් ගත කරන්න..මට ඕනි නෑ කවදාහරි මගේ දරුවෝ මන් අහපු දැකපු දේවල් දකිනවට.."

"ම්ම්..."

"එයාලා මට වැඩිය හොද ලස්සන නිදහස් ජීවිතයක් ගතකරන්න ඕනී.."

ටේටේ ඇස් පියන් ඔහේ කියවන් යද්දි ජිමින්ට එයාගේ තටුකපලා කූඩුවකට හිරවෙලා හිටි අතීතේ මතක් උනා..

------------------------------------------------------------

මේ ටේගෙයි ජිමින්ගෙයි අතර තීන ආදරේ රැවටීමක් නෑ හොදද...🤧

එයාලා අවංක ආදර වන්තයෝ...😇♥️

Love you babe...Where stories live. Discover now