Chapter 14

112 37 12
                                    

ඉතින් එදා අර සිදුවීමෙන් පස්සේ එයාලා අතර අමුතු අමුතු දේවල් ගොඩාක් සිද්ද වුන..

ඒ වගෙම එදා ඉදන් තමයි එයාලා එයාලගේ ලව්ස්ටෝරිය ලියන්න පටන් ගත්තේ..

එයාට ඒ ලව්ස්ටෝරිය පරිච්චේද බරගානම් දිගට ලියන්න ඕනි උන නිසා එයාලා අපාර්ට්මන්ට් වෙනස් කරකර එකිනෙකාව හමුවෙන්න පටන් ගත්තා.

එදා මිස්ටර් කිම් කිව්වෙත් ඒ ගැන තමයි..

ජිමින්ගේ අප්පට උනත් ජිමින්ගේ මේ එෆෙයාර් එක ගැන ආරංචිය ගියේ හරිම සුලු විදිහට..

ඉතින් අප්පලා දෙන්නා විමින්ලගේ ආදර කතාවට මේ වෙනකන් කිසිම ඇගිලි ගැසීමක් කලේ නෑ..

ඒ ගැන විමින්ලගේ හිත්වල තිබුනේ ලොකු බයක්..එයාලා මේ එෆෙයාර් එක පටන් ගත්තෙම මගදි බාල්දියක් වැටෙනවා කියලා දැනන් උනත් එයාලා ඒ බාල්දිය මොන වගේ වේවිද කියලා හිතලා හිත යටින් ගොඩක් බයවෙලයි හිටියේ...

මෙතන ඉදන් ඉස්සරට ගෙවිලා යන කාලෙදි තමන්ගේ ආදර කතාවේ නරක පරිච්චේදයක් ලියවෙන්න යනවා වගේ ජිමින්ට ඉවෙන් වගේ දැනෙද්දි එයාගේ මුලු හිතම සෝදා පාලුවෙලා ගියා..

"ඔහ්.."

"මොකද උනේ ජිමිනි..."

"ම්..මුකුත් නෑ...ටේටේ..."

එක සැරේම ජිමින්ගේ ගැස්සිල්ලට ජිමින්ගේ උකුලෙන් ඔලුව ගත්තු ටේටේ එහෙම අහද්දි ජිමින් හිනාවෙලා උත්තර දුන්නත් එයාගේ මූන සුදුමැලි වෙලා ගිහින් තිබුනා..

"ඔයා අර ගැන හිතලා හිතකරදර කරගන්න එපා ජිමිනි...බලන්න ඔයාගේ මූනත් එක්ක සුදුමැලිවෙලා.."

"ඒත් ටේටේ ඉස්සරහට අපිට ගොඩක් අමාරුවේවී.."

"ම්..."

"ඔහ්..."

"මොකද මේ..."

"මුකු.."

ඒ වාක්‍යයේ ඉතිරි ටික සම්පූර්න කරන්නවත් ටේගේ ලග නතරනොවුන ජිමින් වොෂ් රූම් එකට ගිහින් වොමිට් කරන්න ගත්තා..

"මොකද ජිමිනි මේ..."

"මට..මට උදේ ඉදන් කන්න බැරි උනා..."

තමන්ගෙ පිට අතගාන ටේගේ දිහා බයෙන් බලන් ජිමින් එහෙම කියද්දි ටේගේ ඇස් දෙක නලලට ගියා..

"දෙවියනේ...ඔයා ඔයා උදේ දවල් දැන්..මන් ඔයාට කියලා තීනවා ජිමිනි..ඔයාට ඔහොම නොකා ඉන්න හොද නෑ කියලා ඔයා හොදටම දන්නවා.."

"ලොකු අවු-"

"තව එක වචනයක් කතාකලොත් මන් ඔයාගේ කට කනවා..මෙහෙ එනවා යන්න කෑම ටිකක් හදලා දෙන්න..."

ජිමින්ගේ මූනකට සේදුව ටේටේ උදේ ඉදන් ජිමින් ගැන හොයන්න බැරි උන එක ගැන තමන්ටම දොස් පවරගන්න ගමන් ජිමින්වත් එක්කන් කිචන් එකට ගියා..

ජිමින්ට ඉක්මනින් ගෑස්රයිටීස් හැදෙන නිසා නොකා ඉන්න එක ගොඩක් අමාරුදෙයක් උනා..

එයා නොකා ඉන්න වෙලාවට මෙහෙම වෙන එක හරිම සාමාන්‍ය දෙයක් අනික් එක මේ වෙලේ එයා ඉන්නෙ හිතේ කරදරෙන් නිසා තත්වෙ පොඩ්ඩක් නරකයි....

------------------------------------------------------------

සිරාවටම අහන්නේ කතාව අවුල් නැද්ද...🥲

මට මේකේ හරි වැරදි හොයන්නවත් ආයේ කියවන්න බයයි..🤐

Love you babe...Where stories live. Discover now