Chapter 19

100 30 2
                                    

මිස්ටර් පාර්ක්...

මිස්ටර් පාර්ක් කියන්නේ කියන දේ කරන මේ කතාවේ වැදගත්ම චරිතයක්....

මිස්ටර් පාර්ක්,මිස්ටර් කිම් කියන්නේ එක පන්තියේ ඉගෙන ගත්ත තරහා කාරයෝ දෙන්නෙක්..

ඒ දෙන්නා තරහාකාරයෝ වෙන්න හේතුව දෙකක් තිබුනා.

පලවෙනි හේතුව සල්ලි...දෙවෙනි හේතුව ගුරුවරුන්ගේ වැරදි ගතිගුන..

කිම්ගේ පවුල සල්ලිකාරයෝ උනත් පාර්ක්ගේ පවුල එහෙම නෙමෙයි.

ඒ දෙන්නා අතර පන්ති පරතරයක් තිබුනත් ඒ දෙන්නටම ඉගෙන ගන්න තිබුනේ එක වගේ හැකියාවක්..

කිම් පන්තියේ පලවෙනියා වෙද්දි පාර්ක් පන්තියේ දෙවෙනියා උනා..

කිම් හැමසැරේම පන්තියේ පලවෙනියා වෙන එකට පාර්ක් ඉරිසියා කලේ නෑ ඒත් හැමදාම පන්තියේ පලවෙනියා උන කිම්ව විතරක් ගුරුවරු පැසසුමට ලක් කරන එකට එයාට කේන්ති ගියා..

මොන දේ කොහොම කොයි විදිහට කලත් ගුරුවරුන්ට හොදට පෙනුනේ සල්ලිකාර මිනිස්සුන්ගෙ ලමයිව විතරයි..

ඔය දේ නිසා පාර්ක් කිම් එක්ක තරහින් හිටියේ..එහෙමෙයි කියලා එයා ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න ගියේ නෑ.

හැබැයි එකම තැනකදි එයා කිම්ට ප්‍රතිචාර දැක්කුවා..

ඒ තමයි එයා අවුරුදු දෙකක් තිස්සේ මැරීගෙන ආදරේ කල කෙල්ලව ගෙදර අයගේ බලපෑමට හරි කිම් මැරිකල එක..

පාර්ක් ඒ කෙල්ලට ආදරේ කලා කියන එක ස්කූල් එකේ ප්‍රසිද්ද රහසක්..

එහෙම වෙලා තීද්දිත් කිම් ඒ කෙල්ලව බැන්ද එක ගැන පාර්ක්ට තරහවක් ඇතිවුනා.

එයා කෙල්ලගේ ගෙදර අය එක්ක කතාකලත් ඒ අය පාර්ක්ගේ දුප්පත් කමට කැමති උනේ නෑ..

ඉහල අත්තක වහලා හිටි කෙල්ලගේ ගෙදර අයට ඕනි උනේ තවත් ඉහල අත්තක් ඒකෙන් පහල අත්තේ ඉදන් හොදවිදිහට උඩට එන්න ගිය පාර්ක්ගේ අහිංසක හදවත මැරිලා ගියා..

එයා ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රම හෙව්වා....

ඒ ක්‍රමයක් විදිහට තමා එයා වැරදි පාරක් දිගේ ඇවිදන් ගිහින් මාෆියා ටීම් එකක් පටන් ගන්නේ..

ඒක පටන් ගත්තා කිව්වත් මන්කොල්ල කැමක් තමයි එතන උනේ..

කොහොමෙන් කොහොම හරි සල්ලි කදුගනන් එකතු කරගෙන මාලිගා වගේ ගෙවල් හදලා එයාගේ අදරේව ඒ ගෙදරට එක්ක එන්න හිතන් කිම්ගේ ගෙදර ගිය පාර්ක්ගේ මුලු ලෝකෙම දෙදරලා ගියා..

Love you babe...Opowieści tętniące życiem. Odkryj je teraz