Chapter 28

124 29 9
                                    

"ජිමිනියා.....මගේ මැනික..."

"අහ්.."

ටේටේගේ ආදර වදන් එකසැරෙම තමන්ගේ පිටිපස්සෙන් ඇහෙද්දි ජිමින් ගල්ගැහුනා..

"මගේ බබෝ..ඔයා එන්න කලින් මන් ඔයාව හොයන් ආවා..."

ගල්ගැහිලා ඉන්න ජිමින්ව බැක් හග් කල ටේටේ ජිමින්ගේ උරහිසෙන් නිකට තියන් ජිමින්ගේ කම්මුලක් හපලා කියද්දි,

ටේගේ ඇස් වලින් වගෙම ජිමින්ගේ ඇස් වලිනුත් කදුලු කැට කඩන් වැටුනා..

"ඔයාට මට කියන්න මුකුත් නැද්ද බේබී.."

තාමත් ජිමින්ගේ කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා ජිමින්ව අනික් පැත්ත හරවගත්ත ටේටේ ජිමින්ගේ කදුලු පිහන ගමන් එහෙම අහද්දි ජිමින් කිව්වේ එකම එක දෙයයි...

"මට සමාවෙන්න..."

"ඒක ඔයාගේ වරදක් නෙමෙයි බේබී..."

"නෑ...මන් සමාව ඉල්ලුවේ අරක වෙනුවෙන්.."

සෙමෙන්ට්‍රි එක ඉස්සරහා කාර් එක ලග බබත් වඩන් ඉන්න හොබීව පෙන්නන ගමන් ජිමින් කියද්දි ටේගේ ලෝකේ පුපුරලා ගියා..

"ඔයා...ඔයා මැරි කලාද..."

"..."

හීනෙන්වත් නොහිතපු විදිහේ ප්‍රශ්නයක් ටේගෙන් ජිමින්වෙත එල්ල වෙද්දි ජිමින් ගොලු උනා..

ඒවගෙම ටේගේ ඇස්වල හිරවෙලා තිබුන කදුලු කම්මුල් දිගේ ගලන් යන්න ගත්තා.

"පිස්සුද මනුස්සයෝ අඩන්නේ..හියුන් අතේ ඉන්නේ තමුන්ගේ ලමයා..ඒක කිව්වේ නැති එකටයි සමාව ඉල්ලුවේ...."

අඩන ටේටෙව තදින් හග් කරගත්ත ජිමින් ටේගේ පපුවට ගහද්දි ටේටේ හිනාවෙවි අඩන්න ගත්තා..

ඇත්තටම එයා මෙහෙම හිනාවෙවි අඩන්න හේතුව එයා හරියටම දැනන් හිටියේ නෑ..

හැබැයි එක තත්පරේකදි එයාට ජිමින් කිව්ව හැමදේම තේරුම් යද්දි එයා ජිමින්ව වඩාගෙන කැරකෙන ගමන් සතුටින් කෑගහුවා..

"ගොඩාරියක් ස්තූතියි මැනික...අනේ මන් ඔයාට ආදරෙයි පැලෙන්න..."

"මාත් ආදරෙයි..."

ටේටේගේ බෙල්ල බදන් හිටි ජිමින් ටේගේ නහය අග හපන ගමන් එහෙම කියද්දි ටේටේ ජිමින්ගේ ලිප්ස් දෙක අල්ලගත්තා.

අවුරුදු දෙකාමාරකට පස්සෙ ලැබුන ඒ උනුසුම් හාදුව ආදරෙන් විදගන්න ගමන් හිටි ජෝඩුව හොබීගේ කැස්සෙන් පියවි සිහියට ආවා..

Love you babe...Where stories live. Discover now