Chapter 22

99 28 2
                                    

"ටේටේ...මට ඔයාට කියන්න දෙයක් තීනවා.."

"ඉතින් කියන්න සුදූ මන් අහන් ඉන්නේ...."

ටේටේ එයාගේ අත්වලට මැදිවෙලා තිබුන ජිමින්ගේ පුන්චි අතකින් හාද්දක් තියන ගමන් එහෙම කියද්දි ජිමින් එයාගේ තොලක් හපාගත්තා..

"මොකෝ උනේ පැටියෝ.."

"මුකුත් නෑ...අපි අපි බ්‍රේකප් වෙමු..."

"ඔයාගේ අප්පා මොනාහරි කිව්වද..."

"....."

"ඔයාට වෙන තේරීමක් නැද්ද ජිමිනී..."

"..."

"අපි වෙන්වෙන්නම ඕනිද මිනි..."

ජිමින්ගි පුන්චි අත තොල්වලට තද කරගත්ත ටේටේ ඇස්වලට උනන්න දගලන කදුලු පාලනේ කරගන්න ට්‍රයි කරනගමන් ඇහුවා..

"මේ ඇති ටේටේ..."

"හරී...යන්න ඔනිනම් යන්න හැබැයි ඔයා ආයේ එනකන් මන් බලන් ඉන්නවා..."

ජිමින්ගේ කම්මුලක් ආදරෙන් හැපුව ටේටේ එහෙම කියද්දි ජිමින්ගේ ඇස්වලින් කදුලු කැට කඩන් වැටෙන්න ගත්තා.

"අඩන්න එපා මැනික..අපි කවදම හරි එකතු වෙලා අපේ ජීවිත ලස්සන කරගමු"

ටේටේ දන්නවනම් ජිමින්ට මේ තරමටම වේදනා දෙන්නේ එයාලගේ පැටියා ගැන ටේට කියාගන්න බැරි දුකයි කියලා.

ටේයි ජිමිනියි ආදරේ කරන්න ගත්තෙම මෙහෙම දෙයක් වේවී කියලා දැනගෙන හොද අවබෝදෙකින්මයි..

ඒත් ටේගේ පැටියෙක් ජිමින් ලගට ආපු එක ඒ දෙන්නම නොහිතපු ඒත් ගොඩක් ආදරේ කරපු සිදුවීමක්...

ටේටේ එයාගේ අනාගතේ ගැන හිතද්දි නිතරම කිව්වේ එයාගේ පවුල එයාගේ දරුවෝ කියලා..

එයා ලමයිට ගොඩක් ආදරේ කල කෙනෙක්.එහෙම කෙනාට එයාගේ ලමයෙක් තමන් ලගට ඇවිත් කියලා කියාගන්න බැරි දුකෙන් ජිමින් පෙලුනා.

ඉතින් ජිමින්ගේ ඇස්වලින් නොනැවතීම කදුලු ගැලුවා..

ඒ කදුලු හීනි දිග ඇගිලිවලින් පිහදැමෙද්දි ජිමින්ට එයාගේ තොල්වලින් උනුසුමක් දැනුනා..

ජිමින්ගේ මූන තමන්ගේ අත්වලට මැදිකරගත්තු ටේටේ ජිමින්ගේ තොල් උඩ දග කරන්න ගත්තා..

ඒ තමයි එයාලා වෙන්වෙන්න කලින් විදගත්ත අවසන් සිපගැනීම..

------------------------------------------------------------

මේක ගොඩාක් දුරට විකාර තාලේ වෙන්විමක් වෙන්න ඇති.

ඒත් කල්පවතින ආදරේකට හොද තේරුම් ගැනීමක් වගෙම හොද විශ්වාසයක් තීන්න ඕනි කියන එකයි මට මේකෙන් අදහස් කරන්න ඕනි උනේ..😁

(මන් මේ විස්තර කරන්නේ මන් ලියන ff එක ගැනයි..🙃)

Love you babe...Where stories live. Discover now