Fan Art Short Story 04. 🐯🐰

85 6 0
                                    

...... හුදෙක් රසවින්දනය සඳහා Fan Art එක ඇසුරෙන් ලියන ලද්දක් බව කරැණාවෙන් සලකන්න .......



💜️ 🐯🐰 💜️




" ඇයි මට මෙහෙම කරන්නෙහ් ටේ......."

"අපි වොෂ් එකක් දාගෙන එමුකො බබා......"

"බැහ්....එපා අල්ලන්න මාව......"

" මගේ හොද කූකිනෙ....රෑ වෙනකොට වතුර සීතලයි......."

"කමක්...නැ...මට වොෂ් දාන්න ඕනා නැ......."

" ප්ලීස් කූකි......"

" බැ......හ්....අතඅරි..න්...නහ්........"

අකමැත්තෙන්ම ඇදේ වැතිරිලා උන් මාව දෝරට අරගෙන නුඹ නානකාමරය දිහාට ඇවිදන් යද්දි යනකොට ඒ හැඩි දැඩි පපුවට මං අතින් ගැහුවේ ඉකිබිඳමින්.....





" ආාාව් රිදෙනවා මැනික......"

" කමක් නැ ඊට වඩා මට රිදෙනවානෙ......."






නානකාමරයට ගිහින් මාව බාත්ටබ් එක ඇතුළෙන් ති⁣යලා නුඹ මගේ නලල මතින් හාදුවක් තිබ්බම මුණ අහකට අරගෙන මං දෙනෙත් පියාගත්තෙ කඳුලු කම්මුල් දිගේ පහළට ගලාගෙන යනකොට .... මොකුත්ම නොකියා නිහඬව මං ඇදගෙන උන් ලා කහපාටට හුරැ අත් දිග සැහැල්ලු ෂර්ට් එකෙ බොත්තම් විවර කරලා වතෙන් ඉවත් කරපු නුඹ හැන්ඩ් ශවර් ⁣එක අරගෙන මගේ වත සොදන්න පටන් ගද්දි දෙනෙත් ඇරපු මං බලාන හිටියේ නුඹගේ දෙනෙත් දිහාම ... කිසිම හැඟිමක් නැතිවා සේ එක අතනික් හැන්ඩ් ශවර් එක අල්ලගෙන නුඹ අනිත් අතේ හීන් ඇඟිලිතුඩු මගේ නිරැවත් ගත පුරාම එහා මෙහා යවනකොට දැනෙන හිරිවැටිම නිසාම මං ලේ රස දැනෙන තරමටම දෙතොල් එකට තද කරගත්තා....


" ටේ...ටේහ්.....ප්ලීස්......."


දණහිස් වලින් උඩ එහා මෙහා යන නුඹේ අතැඟිලි වල පහස දරාගැනීමට බැරි අවසානයේ මං එල්ලුනෙ ඒ බෙල්ලෙ ... නුඹේ පහස අයදින මගේ හිත ගත පාලනය කරගන්න මට තෙරෙන්නෙ නැ ... මගේ හැඟිම් නොදැනෙනවා වගේ ඉන්නා නුඹ දින ගානනාවක් සිටම කොයිතරම් මාව අහකට කරත් පිච්චෙනවා කියලා දැන දැනත් ගිනිදැල්ලට ඇදෙන පළගැටියෙක් වගේ මගේ ගත ඉල්ලන්නෙම නුඹේ උණුහුම......





Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now