Fan Art Short Story🐯🐰 16

54 5 0
                                    


              💜️           🐯🐰           💜️




' හායි.....´

' හා.....යි...හ්.....´

' මං මෙකෙන් වාඩි උනාට කමක් නැද්ද....´

' ආා....හ්......ආාාා.......´

' මේකෙ කවුරැත් ඉන්නවාද.....´

' ආ...නැ නැ වාඩිවෙන්න.....´

                     




දෙනෙත් වලින් පවා හිනාවෙන නුඹ රැව මෙවලෙ මෙතන දකින්න බලාපො⁣රොත්තුක් හිතක වත් නොතිබුණ නිසා මං උන්නෙ පුදුම වෙලා...ඊටත් නුඹ හිස් අසුන් ඕනා තරම් තියෙද්දිත් මේ අසුනම ඇවිත් අහනකොට මගේ හිත තීගැස්සිලා ගියේ කම්මුල් පවා රත් වෙලා යද්දි....අසුන මත තියලා තිබුණ පොප් කොන් බකට් එක අතට අරගෙන මං ඔලුව උස්සලා නුඹ දිහා බැලුවේ ඉදගන්න කියන්න..එ වෙනකොටත් ඒ දෙනෙත් මගේ දෙනෙත් ළඟ කියලා දුටුව ගමන් මං බිම බලාගත්තෙ යාන්තමින් හිනාවෙලා...





' ගොඩ දවසකින්.....´

' ආ......´

' නැ ඔයා ග්‍රවුන්ඩ් එක පැත්තෙ වත් ආවේ නැ නේද දවස් ගානකින්...´

' ම්..ඕ..අසනීප වෙලා උන්නා....´

' කවුද ...බල්ලාද.....´

' නැ මං....´

' ආ උණද.....´

' ම්..ඕ..වෛරස් උනක්....´

' දැන් අඩුයිද ඉතින්....´

' අඩුයි..එත් ටිකක් ඇඟපත තවම රිදෙනවා....´

' එහෙනම් ගෙදර වෙලා රෙස්ට් කරන්නෙ නැතුව ෆීල්ම් හොල් වල රස්තියාදු ගහන්නෙ මොකද....´

' ගෙදරට වෙලා ඉදලා එපාවෙලා එක නිසයි ආවේ...´

' ම්.....´

                            





   දැනුනෙ නුඹ  කටහඬෙ නොරිස්සුමක් වගේ දෙයක් උනත් ඒ ඇයි කියන්න මට වැටහුනෙ නැ.. මුණ හරවලා නුඹ දිහා බලන්න ඕනා උනත් මං දෙනෙත් බිමට හරවගෙනම උන්නෙ ඒ දෙනෙත් අස්සෙ හිරවෙලා යන්න තිබුණ ලැජ්ජාව නිසාම..මේ තරම් ලංවෙලා නුඹ මං ළඟ ඉන්න එකම මට හීනයක් වෙලා තියෙනකොට එක පාරටම මේ සිද්ධ වෙච්ච දේ මාව කරකවලා අත ඇරලා වගේ..







Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now