Fan Art Short Story 🐯🐰 05

80 8 0
                                    

      ...... හුදෙක් රසවින්දනය සඳහා Fan Art එක ඇසුරෙන් ලියන ලද්දක් බව කරැණාවෙන් සලකන්න .......

💜️     🐯🐰     💜️






' ටේහ්.......ටේහ්....´

' ඕඕඕ...හ්...´

' කොහෙද ඉන්නෙ ඔයා...´

' මං ⁣පහළ ඉන්නෙ...´

' ම්ම් හා....´

' ඇයි....´

' නැ නිකම් කොහෙද ඉන්නෙ කියලා බැලුවේ...´

' ලෑස්ති වෙලා ඉවර නැද්ද තාම ආා.. කීයේ ඉදලාද ඔය ලෑස්ති වෙන්නෙ...´

' ඉවරයි මේ එනවා....´






           අද නුඹට ප්‍රසංගයකට ඇමරිකා යන්න වෙන නිසා පාන්දර හතරට  එලාම් එක තියලා ඇහැරැණ මං මුණකට හෝදගෙන ඇවිත් නුඹවත් ලෑස්ති වෙන්න ඇරහැරවලා  පහළට ඇවිත් සාලයේ සෝෆාවේ ඇලවෙලා උන්නෙ  දුරකථනය ඔබන ගමන්..





' ටේ..හ්හ්.....´

' මේ මොකද....´

' නිදි මතයි මටහ්...´





          ඔහේ වැනි වැනි බෑග් එකත් අත්දෙකෙ එල්ලගෙන ආව නූඹ  බෑග් එක සෝෆාව ළඟ බිමට දැම්මේ නුඹ කකුලේ සපත්තු දෙක කකුලෙන්ම ගලවන  ගමන්..ඇස් දෙකත් බාගෙට පියාගෙන සෝෆාවෙන් ඇලවෙලා මගේ ඔඩොක්කුවේන් ඔලුව තියාගෙන දෙඅත් ඉන අස්සෙන් යවලා මුණ  බඳට තද කරගත්තෙ මගේ මුවේ නුඹගේ හුරතලේ ට හිනාවක් ඇදෙනකොට....






' නිදාගන්න වෙලා නැහ් සුදුහ් දැන් වාහනෙ එනවා ඇති...´

' ආව ගමන් යන්න ඕනා කියලා නැනෙ..චුට්ටක් ඉන්න දෙන්නකො අප්පා...ඔයානෙ අනික නිදාගන්න දුන්නෙ නැත්තෙ...´

' අනෙ ඔව් දැන් මං තමා වැරදි...´

' ම්ම්...´






         අතේ තිබුණ දුරකථනය පැත්තකින් තියපු මං පිය⁣විලා ගිය නුඹේ ඇහි පිහාටු වල රටා මැව්වේ අනිත් අත ඉන වටේ යවලා නුඹව ගතට තද කරන්...මල් පෙත්තක් වගේ සිනිඳු කම්මුල් සීතල නිසාම රෝස පාට වෙලා ගිහින්..මිනිත්තු කිහිපයක් එහෙමම ගෙවිලා ගියහම මං ආයේ නුඹට කතා කරේ වාහනය දැන් නිවස ලගට කිට්ටු කරලා එනවා ඇති කියලා හිතුන නිසා..








Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now