01

759 64 8
                                    

අභිශේක් pov

හ්ම්ම්..ගොඩදවසකට පස්සෙ චූටි බ්‍රේක් එකක්..බිස්නස් වැඩ වලටම හිරවෙලා ඉන්න මට බ්‍රේක් එකක් හම්බෙන්නෙ හරිම කලාතුරකින් ඉතින් මං ඒ බ්‍රේක් එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න කියලා ආවෙ මගේ ජිවිතේ මං ආස කරපු එකම තැන වෙච්ච බීච් එකට..

ෆුල් කිට් එකක් ගහගෙන බීච් එකට ආපු මට මිනිස්සුන්ගේ අමුතු බැල්ම නොඅඩුවම ලැබුනත් මං ඒවා ගනන් ගන්නැතුව මගේ සීතල මූනෙන්ම මුහුදෙ ගිලෙන ඉර දිහා ටිකක් වෙලා බලන් හිටියා..

මුලු ලෝකෙම එලිය කරන ඉර උනත් හවසට විවේක ගත්තට,ඇට ලේ මස් තියෙන සාමාන්‍ය මනුස්සයෙක් වෙච්ච මට පැය 6 ක් වත් හරියට නින්දක් තිබ්බෙ නෑ නේද කියලා මතක් උනාම මගේ හිත ආයිමත් දුකෙන් බර උනා..මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබ්බත් මොකටද හිතේ නිදහසක් නැතුව??

ඔයාවත් හිටියා නම් අයියා..

අයියව මතක් උනාට පස්සෙ මුහුදට ආවම ආපු සැනසීමත් නැතිවෙලා ගියා වගේ මට දැනුනා.. ඒකනිසා ලොකු හුස්මක් පහතට දාපු මම පිටිපස්ස හැරුනෙ මගෙ අපාට්මන්ට් එකට යන්න උනත් දුවගෙන ආපු කෙනෙක් වේගෙන් මගේ ඇගේ හැප්පුනෙ...එයා ආපු වේගෙට අපි දෙන්නම මුහුදු වැල්ල උඩට වට්ටන ගමන්..මං දත්මිටි කාගෙන මගෙ ඇග උඩ ඉන්න එකාව එහාට තල්ලු කරන්න හැදුවත් මගේ ඇගේ ඉන්න මාලු දගර ඩාන්ස් දාන්න ගත්තේ මගෙ ඇග උඩ ඉදං තාමත් ඇස් ලොකු කරගෙන බලන් ඉන්න මට මුලු ලෝකෙන්ම පේන්න බැරි කෙනාව දැක්කාම!

"ශිතෙව් උඹ?"

තීර්ථ අභිශේක් මංචනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තීර්ථ අභිශේක් මංචනායක

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now