23

233 41 5
                                    

23- ️️️

උන් හතර දෙනාටම  හිතෙන් බනින ගමන් ඇස් උස්සපු මං දැක්කෙ ක්‍රීම් පාටට හුරු වෙඩින් ඩ්‍රෙස් එකක් ඇදන් අම්මගෙ අතිනුත් අල්ලගෙන හිමීට මගෙ පැත්තට එන ශිතෙව්ව..එයත් හිමින් සැරෙ මගෙ ලගට ඈවිත් ඇස් ඉස්සුවහම  මගෙ හුස්ම හිරවුන්නැති ටික විතරයි...මගෙ කොල්ලගෙ ලස්සන අද..!

.

චාරිත්‍ර වාරිත්‍ර මෙකි නොකි ඔක්කොම දේවල් කරලා අත්සනුත් කරලා ඔක්කොම ඉවර වෙලා අපෙ හනීමූන් එකට පිටත් වෙනකොටත් මං බලාගෙන හිටියෙ මගෙ බැල්ම දරාගන්න බැරුව රතු පාට වෙලා ගිහින් තිබ්බ එයාගෙ කම්මුල් බෝල දිහායි මගෙ ඇස් වලින් බේරි බේරි පැනලා දුවන එයාගෙ දුඹුරු පාටට හුරු ඇස් දෙක දිහයි..මගෙ හුරතල් ලමයා.

ලේසියෙන් හිනාවෙන්නැති මම අද කටපුරා හිනාවෙවි හිටියත් මගෙයි,ශිතෙව්ගෙයි පැටලුනු අත් දිහා බලන් හිටිය ජයසේකරයි එයාගෙ වයිෆුයි දැක්කම මගෙ කට කොනෙ මහ කුරිරු හිනාවක් ගියා...මං ඒ දෙන්නට පේන්නම ශිතෙව්ගෙ අත අරගෙන කිස් එකක් දීලා  අපිට ලෑස්ති කරලා තිබ්බ වෙහිකල් එකට නැග්ගෙ වගීශටයි,යුවිදුටයි සිග්නල් එකක් දීගෙනමයි...then let the game begin !

"පැටියො දැන්ම නිදිද?" මං ඇහුවෙ මගේ උරහිස උඩින් ඔලුව තියන් හිටපු සුදු මැනිකගෙ ඔලුව අතගාන ගමන්..

"මහන්සි අයියේ.."

"ම්න්..එහෙනම් ටිකක් නිදියන්නකෝ..මං එයාපෝර්ට් එකට ආවම ඇහැරවන්නම්..ම්ම් ආ පොඩ්ඩක් ඉන්න පැටියො මෙන්න.." කියපු මං මගෙ සාක්කුවෙ දාන් හිටිය පෙට්ටිය ශිතෙව්ට දික් කරා ..

වෙඩිම අස්සෙ කොලබ ඉදන් නුවරඑලියට මාව යැව්ව එක ගැන පොඩි පගයො දෙන්නට බැන බැන හිටියත් ශිතෙව්ගෙ මූනෙ ඇදිච්ච ලොකු හිනාවයි , ඒත් එක්කම කදුලින් පිරිලා ගිය ඇස් දෙකයි දැක්කම කොච්චර මහන්සි උනත් එහෙම ගිය එක වටිනවා කියලා මට තේරුනා..මගෙ පැටියා එහෙන්මම අඩාගෙන මගෙ පපුවට තුරුල් උනේ පොඩි දරුවෙක් වගේ

"ත්-තැන්ක්‍යු සෝ මච්..මට..මට මේක කොච්චර වටිනවද කියලා..මට කියාගන්න..වචනත් නැ..අයියා..ඔයාට පින් හික්"

"පැටියො..අඩන්නෙ ඇයි මැනික?ම්ම්?"

"මගේ අම්මාගෙ රූපයක්වත් දැකලා නැති මට..අම්මා මතක් වෙන්න තිබ්බෙ මෙච්චරයි අයියේ..තාත්තලා මාව කොළබ අරං ආවෙ මගෙ බඩුවක්වත්...ගන්න වෙලාවක් මට නොදී....මං හිතුවෙ ආයිත් කවදාවත් මේක දකින්න..හම්බෙන එකක් නෑ කියලා ...ගොඩක් පින් ඔයාට!
මේක තවත්..හිතෙ තද කරන් ඉන්න මට බැ අයියේ..ඔයාට..මං මහ ගොඩක් ආදරෙයි..මේ ලොකෙ අම්මට පස්සෙ මං වැඩියෙන්ම ආදරේ ඔයාට..!මම මෙහෙම..නිදහසෙ හුස්ම ගන්නෙත් ඔයා නිසා..මං දන්නවා ඔයාට එහෙම- "

"ශ්ශ්ශ්ශ්...මමත් මහ ගොඩක් ආදරෙයි මගෙ පැටියට..අවුරුදු 30 ක් පරිස්සම් කරපු හිත හොරකන් කරගත්ත මේ අහිංසක ඇස් දෙකට ආදරෙ කරන්නැතුව වෙන කාට ආදරෙ කරන්නද ම්ම්??දන්නවද "ආදරේ" කියන තේමාව ඉස්සරහා ගලක් වගේ හිටිය මාව දියකරෙ උඹ මගෙ දිහා බලපු පලවෙනි බැල්මෙන්මයි..උඹ මහා අහිංසකයෙක් බන්..මට වෙලාවකට බයයි උබේ අහිංසකකම නිසාම මට උඹව නැති වෙයිදෝ කියලත් ...ඒත්..මං ඉන්නකන් උබේ එක කෙස්ගහකටවත් හානියක් වෙන්න දෙන්නැ ඒක මේ තීර්ථ අභිශේක් මංචනායක,ශිතෙව් අනුත්තර මංචනායකට දෙන පොරොන්දුවක්!

"මමත් ජීවත් වෙලා ඉන්නකන් මගෙ අයියට හයියක් වෙලා ඉන්නවා ඒක මගෙ පොරොන්දුවක්..ඔයා වැටෙන හැම වෙලාවකම වගේම නැගිටින හැමවෙලාවකමත් මේ ශිතෙව් අනුත්තර මංචනායක ඔයාගෙ පිටිපස්සෙන්ම ඉදිවි හෙවනැල්ලක් වගේ..no matter what,i wont leave you untill my last breath" මගෙ ඇස් දෙක දිහා බලාගෙන හරි ස්තීරෙට ශිතෙව් ඒ ටික කියනකොට මගෙ ඇස් දෙක වගේම එයාගෙ ඇස් දෙකත් කදුලින් බොදවෙලා ගියා..

"ආදරෙයි මගෙ මැනිකට"
"ආදරෙයි මගෙ අයියට"

💜️🦋වෝට් එකක් කමෙන්ට් එකක් දාන්ම යන්ඩෝ!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💜️🦋
වෝට් එකක් කමෙන්ට් එකක් දාන්ම යන්ඩෝ!

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now