20

252 44 5
                                    

.
.
.

"එදා මං ඔයාලගෙ ගෙදර එනකොට ඔයාගෙ අයියගෙ එක පින්තූරක්වත් තිබ්බෙ නැ..අනික එදා ඔයත් කිව්වෙ අයියා ගැන..ඔයාගෙ අයියා ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ?මට හිතාගන්න බැ..සොරි මං අදාල නැති දේවල් අහනවා නම්.."

"අදාල නැති නෙවෙනෙ ම්ම්?..ඔයාගෙත් මස්සිනා වෙන්නනෙ එයා යන්නෙ.." කියපු මං ලොකු හුස්මක් පහතට දැම්මා.

"ඔයාට කියන්න අමාරුයි..නම්..කියන්න එපා..සමාවෙන්න මට.."

"ම්න්..අම්මට දුක හිතෙන නිසා අයියගෙ පින්තූර අයින්න්කරලා තියෙන්නෙ පැටියෝ" කියපු මම ආයි ලොකු හුස්මක් අතෑරියා..ශිතෙව් මගෙ දිහා බලන් හිටියේ "ඒ ඇයි" වගේ මූනකින්..

"මගේ අයියා ඉන්නෙ ලංකාවෙ නෙවෙයි පැටිටියෝ.. එයා ඉන්නෙ නිව්‍-යෝක් වල හොස්පිටල් එකක..මගේ අයියා..මගේ අයියා කෝමා පේශන්ට් කෙනෙක්..."

අයියා ගැන කියනකොටම කදුලු බින්දුවක් පල්ලම් බැස්සෙ මට හිතාගන්නත් ඉඩක් නොතියා..

අයියා ඇක්සිඩන්ට් වුනාම මට අඩන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ..අම්මවයි..අප්පච්චිවයි සනසන ගමන් අයියගේ වැඩකටයුතුත් බලන්න උන මට හැසිරෙන්න උනේ හිතක් පපුවක් නැති එකෙක් ගානට..

මං දැක්කා ශිතෙව් මගෙ ඇහෙන් පල්ලම් බැස්ස කදුලු බින්දුව දැක්කා කියලා..මං හිතුවෙ එයා ඒක පිහිදාලා දායි කියලා.. ඒත් එයා ඒක පිහිදාන්නෙ නැතුව මගේ මූන ඇදලා ගත්තෙ එයාගෙ පපුවට..අදුනගෙන දවස් ගානක් උනාට මොකද ශිතෙව් ගාවින් මට හරිම හුරුපුරුදු බවක් දැනුනේ..සමහරක්විට උඹයි මමයි ආත්ම ගානක් පතාගෙන ආපු දෙන්නෙක් වෙන්නැති බන්..

"ඔයාට ඇතිතරන් අඩන්න අයියේ..මං ඉන්නවා ඔයත් එක්ක"

අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් ඇන්නා වගේ ශිතෙව්ගෙ වචන ටික ඇහිච්ච ගමන් මාස ගානක් හිතේ තද කරන් හිටපු මගේ දුක පිටාර ගලන්න ගත්තා..ශිතෙව්ගේ කහ පාට ඇදුම තෙත් වෙනකන්ම මං ඇඩුවේ එයා මගේ ඔලුව අතගගා මාව සනසනකොටයි..

හැමෝටම සීතල,නපුරු මිනිහෙක් වෙච්ච මං වෙන කෙනෙක් ඉස්සරහා මෙහෙම ඇඩුවා නම් මට ලැජ්ජ හිතෙන්න තිබ්බා..කොටින්ම මගේ ඊගො එකට ඒක දරාගන්නත් බැරි වෙන්නත් තිබ්බා ඒත් ශිතෙව් එක්ක මට දැනුනෙ මාර සනීපයක්..මාර හුරුකමක්..මං පැයක් විතර එයාගෙ පපුව අස්සෙ මූන හංගන් ඉදලා ඔලුව උස්සනකොට එයා මගෙ දිහා බලාගෙන ලස්සන හිනාවක් දුන්නෙ මගේ මූනටත් හීනි හිනාවක් ගෙනත්..

එත් ඊටපස්සෙ එයා කරපු දේත් එක්ක මගෙ ඇස් දෙක දොට්ට පයින් තරම් ලොකු උනා..මේ කොල්ලා මගේ කට කොනෙන් කිස් එකක් තිබ්බා සාන්ත! කිස් එක තිබ්බ ගමන්ම නැගිටලා දුවන් ගිහින් නැවතුනේ මුහුදේ රැල්ල ගාව..මගේ කෝලම.

හයටත් කිට්ටුයි..හත වෙද්දිවත් අපේ පොට් එකේ ඉන්න එපැයි..ඒත් ඊට කලින් ශිතෙව්ගෙන් දැනගන්න දෙයක් තියෙනවා..

"පැටියො..ඔයාගෙ ඇදුන් මල්ලි අරගන්නවද?.."

"නැ.."

"හහ්?" එතකොට...එතකොට..

.....
...........
................

අලුත් නන්ෆික් එකත් චූට්ටක් කියෝලා බලන්න.
හෙහෙ ඒක කෝමත් පබ්ලිශ් කරන්නෙ මාසෙකින් විතර තමා 🥲💗
ආතරෙයි 💎🦋

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now