12

264 47 5
                                    


.
.
.
"ඔයා නොදන්න ලොකු කතාවක් තියෙනවා පුතා!..ඉක්මනටම ඔයාට ඒවා දැනගන්න ලැබෙයි එතකන් සුදු පුතාව පරිස්සමින් බලාගන්න..මට පොරොන්දු වෙන්න මොන කරදරේ ආවත් එයාව අතාරින්නැ කියලා" 

"කවදාවත් නැ අප්පච්චි..යු කැන් ට්‍රස්ට් මී"

"අයි ට්‍රස්ට් යු පුතා"

"අයියවත් ලබන මාසෙ අරන් එයි..එයත් ඉක්මනට ඇස් ඇරියා නම් සැනසීනෙන් ඇස් පියාගන්න පුලුවන් වේවි මට"

"අම්මාහ්!"
"චලනි!"

"හා හා මං විහිලුවක් අප්පා කරේ..මං තාම 18 කෙල්ල වගේ අනික මුනුබුරෝ 7 ක් වත් නොබලා මං නම් ඇස් පියාගන්නැ මේ ඇත්තමයි ඒයි"

"අම්මාහ්හ්හ්හ්හ්"

"ඇයි ඇයි මොකද ඔයා?අඩුම මුනුබුරු මිනිබිරියො තුනක්වක් දුන්නැත්තං නම් ජිවිතෙනුත් වැඩක් නැ පුතේ!!!"

"අනෙ අම්මා මේහ්හ්!!මං යනෝ යන්න.. මෙයාලා එක්ක බෑ" කියපු මං ඒ දෙන්නට වැදලා ඉක්මනට ඉක්මනට මගේ කා එක දිහාවට ආවෙ කන් දෙකෙ ඉදන් රත් වීගෙන ආපු නිසා

"ගියාට කමක් නැ හෙට සුදු පුතාවත් අරං මෙහෙ ඇවිත් යන්න තේරුනාදෝ???"

"හා හා"
..............................................
..............................................

ශිතෙව් pov

"අන්න තාත්තා තමුසෙට කතා කරනවා"

"අහ්..හ්-හා"
ඒ පාර මොන මරාලයක්ද දන්නැ කියලා හිත හිත පහලට ගිය මාව ගැස්සිලා ගියේ කට පිරෙන්න හිනා වෙවී ඉන්න තාත්තව දැක්කම..අවුරුදු ගානකට පස්සෙ තාත්තා මෙහෙම හිනා වෙලා ඉන්නවා දැක්කමයි. 

"තා-ත්තෙ"

"අන්න ලබන සතියෙ තමුසෙගෙ වෙඩින් එක තියෙයිලු..අර ලමයා වෙඩින් ඩ්‍රෙස් ඒවා මේවා බලන්න යන්න අඩගැහුවොත් නැ බෑ නොකියා යනවා තේරුනාද?!"

"ඔව් තාත්තේ.."

"හ්ම් දැන් යනවා" තාත්තා යනවා කිව්ව ගමන් ඉක්මනට උඩට යන්න ගිය මාව පඩිපෙල උඩ එහෙන්මම නැවතුනේ තාත්තා එයාටම කියාගත්ත දේත් එක්ක.

"මංචනායකගෙ පවුලම නැති කරලා දාන දවස වැඩි ඈතක නෙවෙ හහ් හහ් හා"

තාත්තා මොකක් ගැනද මේ කියන්නෙ?
.............................................................

අභී අයියාව මැරි කරන දවස වැඩි ඈතක නෙවෙයි කියලා මතක් වෙනකොටත් මට හිතුනේ කෑගහලා හිනාවෙන්න!!කොහොමද මං මෙච්චර ලකී උනේ???අහ්හ්හ් ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නැ මට නම්..!!

කොට්ටෙ හපාගෙන ඇදෙ එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය මාව එකපාට්ටම ඇදෙන් උඩට ඉස්සුනා.ඒත් කවුද මාව ඉස්සුවෙ කියලවත් බලාගන්න ඉස්සෙල්ලා ඇස් නිලංකාර වෙන තරමටම තද පාරක් මගේ කම්මුල හරහා වැදුනා..

"ආහ්"

"උඹට මං මොකක්ද යකෝ කිව්වෙ? උඹ මෙහෙමද මැරෙජ් එක කැන්සල් කරන්නෙ ආහ්? කතාකරපන් වේ$# ##!!!"

අවිනාශ්ගෙ කටහඩ ඇහුනාම තමා මෙච්චර වෙලා මං හිටිය හින ලෝකෙන් එලියට ආවෙ.දෙයියනේ මට කොහොමද එයා කිව්ව එක අමතක උනේ??

අද නම් මං ඉවරයි කියලා හිතනකොටම අවිනාශ්ගෙ අත් දෙක මගේ බෙල්ල වටේ තද උනා..

"උඹව මං අදම මරලා දානවා යකෝ!!!අභිශේක් මගේම විතරයි!අයියා වගෙ නෙවෙයි මල්ලි සැප කද-"

මල්ලි කියන කියන වචනයක් පාසාම එයාගෙ අත තව තවත් තද කරද්දි මට හුස්ම ගන්න එකත් එන්න එන්නම අමාරු වුනෙ අත පය ගසලවත් බේරෙන්න බැරි තරමටම මාව අඩපන උනා..හුස්ම ගන්න බැරුව මගේ සිහය නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බොද වෙච්ච ඇස් වලින් මං දැක්කෙ  එකපාරටම අවිනාශ්ව කොහෙටද මංදා විසික් වෙලා යනව!මගේ සිහිය නැති වෙනවත් එක්කම මට දැනුනා මුලු කාමරේම පරවෙච්ච රෝස මල් සුවදකින් පිරෙනවා


ආතරෙයි 😗💛

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now