16

242 39 2
                                    

.
.
.

වෙඩින් එකට තව දවස් හතරක් වගේ තිබ්බ නිසා අප්පච්චි මාව ඔෆිස් වැඩ වලින් නිදහස් කරලා තිබ්බත් මං ඔෆිස් ආවෙ පොඩි වැඩ ටිකක් හරි කරලා දාන්න...

ඊමේල්ස් වගයකට රිප්ලයි කර කර ඉන්නකොට වගීගෙන් කෝල් එකක් ආවත්  වගීශ කතා කරපු පලවෙනි වචනෙන්ම මං තේරුන් ගත්තා මේ ඉන්නෙ වගී නෙවෙයි..ඒ ඉන්නෙ SSP වගීශ කාරියවසම් කියලා

"මචං අභියා..උඹට අද වැඩ ඉවර උන ගමන් CK කැෆේ එකට එන්න පුලුවන්ද?"

"හරි බන්..ඇයි..මොකක් හරි හදිස්සියක්ද??උඹෙ කටහඩ එච්චර හරි නැ.."

"ම්ම්න් හදිස්සියක් නම් තමයි ඒත් උඹ වැඩ ටික කරගත්තාම වරෙන්කො"

"දැන් කරන්න එච්චර වැඩක් නැ බන් වෙඩින් එක ලග නිසා අප්පච්චි වැඩ වලින් රිලීස් කරලා තියෙන්නෙ..මං එහෙනම් දැන්ම එන්නං

"හ්ම්ම් පරිස්සමින් වරෙන්කො"

කියපු වාගීශ ෆෝන් එක තිබ්බා..ඌගෙ කටහඩෙ හැටියට නම් මොකක් හරි සිරියස් දෙයක් වෙන්න ඕනෙ!! ඒ නිසා ඉක්මනට කැෆේ එකට ගියපු මගේ මූඩ් එක තවත් සිරියස් උනේ අපෙ සෙට් එකෙ අනිත් එකා වෙච්ච  යුවිදු, වගීශ එක්ක ඉදන් ඉන්නවා දැක්කාම..ලංකාවෙ ඉන්න හොදම ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් වෙච්ච යුවිදු වාගීශ එක්ක ඉදන් ඉන්නවා කියන්නෙ වාගිශට කොහෙන් හරි පොටක් පෑදිලා වගෙ

"අම්මො අභි..දැක්ක කල්?හව් ආර් යු බන්?"

"මචං යුවිදුවා..දැක්ක කල්..හොදින් ඉන්නවා බන්..ඉතින්?" මං වාගීශ දිහා බැලුවෙ වැඩේ පටන් ගන්න කියන්න වගේ

"අපිට cctv රෙකෝර්ඩ් එකක් හම්බුනා"

"හහ්? Cctv කැමරාස් ඔක්කොම ඉරේස් කරලා තිබ්බනෙ?"

"ඒ ඇක්සිඩන්ට් එක වෙච්ච තැනනෙ..අපිට හම්බුනෙ අයියා එදා ගියපු කැෆේ එකෙ විඩියො එකක්"

"අහ්හ්.."

"උඹට මතකද නදීශව අපෙ ඉස්කෝලෙ හිටිය?ඌව මට හම්බුනා හරිද..ඌ කතාකර කර ඉද්දි එකපාට්ටම අභිසෙස් අයියාගෙ වෙඩින් එක කවද්ද කියලා ඇහුවා" වාගීශ  කියාගෙන යනකොට මගේ ඇස් දෙක හිනි වෙලා ගියත් මං එයාට බාදා කරන්න ගියෙ නැ

"මං ඉතින් ඇහුවා ඒ ඇයි කියලා එතකොට තමා ඌ කිව්වෙ උබේ අයියව එදා කවුද මංදා කොල්ලෙක් එක්ක  කැෆේ එකේ ඉන්නවා දැක්කා කියලා..ඌ අයියා ඇක්සිඩන්ට් උනා කිව්වාම පුදුම උනා..උඹ දන්නවද?..අයියා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ එදා ඒ කැෆේ එකට ගියපු දවසෙමයි..ඒ කියන්නෙ එයා කැෆේ එකට ගිහින් එන අතට තමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ.."

"මේක බලපන්කො" කියපු යුවිදු මගෙ අතට ටැබ්ලට් එක දුන්නා..ඒකෙ හිටියෙ අයියයි,අයියගේ උරහිසේ බාගෙකට වගේ උස කොල්ලෙකුයි..ඒ කොල්ල එයාගෙ මූන නොපෙනෙන්න කැප් එකකුයි,මාස්ක් එකකුයි දාගෙන හිටියා..ඩ්‍රින්ක් එක බොනකොටවත් ඒ කොල්ලගෙ මූන පෙනුන්නැ..ඒ කොල්ල්ලගෙ මූන දකින්න බැරි නිසා මට දත්මිටි කැවුනත් මේ කොල්ලව දැකලා පුරුදු ගතියක් මට දැනුනා..විශේශයෙන්ම උරහිස දෙපැත්තට ගියපූ කට් ඩිසයින්ග්ස් තිබ්බ රෝස පාට ශර්ට් එක..මේ වගේ ශර්ට්ස් ලංකාවෙ එච්චර දකින්න නොලැබුනත් මට හිතුනෙම මේකෙ අයිතිකාරයව මං දන්නවා කියලා..

ඒ නිසා විඩියො එක සූම් කර කර ඒ ශර්ට් එකේ  දිහාම බලාගෙන කොහෙදිද ඒක දැක්කෙ කියලා මතක් කරනකොට, මගෙ ඔලුවට අකුනක් වැදුනේ ඒ වගේම ශර්ට් එකක් තිබ්බෙ කෙනාව මතක් උන නිසා..

"මෙ..මේ ශර්ට් එක ශිතෙව්ගෙ!"

"කවුද ශිතෙව් කියන්නෙ?"

"මොකක්??"

_____
_________
_____________

……
………

ඊයෙ දාන්න හම්බුන්නැනෙ හලූලා corryyyyy 🌝💛
අද තව එකක් දාන්නං හරිතේ??

වෝට් එකක් දාම් යන්න
කමෙන්ට් එකක් දාං යන්න
ම්හුක් බායි මං යනෝ!!🌼

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Kde žijí příběhy. Začni objevovat