02

374 45 2
                                    

.
.
.

ශිතෙව්ව දැක්කාම ආපු ආවෙගෙටත් එක්ක එයාගෙ කම්මුල දෙදරන්න පාරක් දීපු මං,මගේ දිහා කදුලු බේරෙන ඇස් දෙකෙන් බලන් හිටපු ඒ වංචාකාරයා දිහා ආයිත් බලන්නෙ නැතුව කෙලින්ම ඩ්‍රයිව් කරේ මගෙ අපාට්මන්ට් එකට..ඒත් මගක් දුරට යනකොට අප්පච්චි මට කෝල් එකක් දුන්න නිසා මං එහෙන්මම කොළබ තිබ්බ අපේ ගෙදරට ඩ්‍රයිව් කරා..ඒත් ආවෙ අපරාදෙ කියලා මට හිතුනේ අප්පච්චි කිව්ව දේත් එක්ක.

"ලබන මාසෙ ඔයාගෙ වෙඩින් එක!"

"මොකක්??අප්පච්චි මට-මට තේරුන්නැ?" මේ මොකක්ද යකො මේ පාත් වෙච්ච හෙනගෙඩිය?

"ලබන මාසෙ ඔයාගෙ වෙඩින් එක ඒ නිසා ලෑස්තිවෙලා ඉන්න කියලා කිව්වෙ!"

" අප්පච්චි ඔයා දන්නවනෙ මං මෙ වගේ ජෝක්ස් වලට ආස නැ කියලා?..ප්ලීස් ස්ටොප් ජෝකින්ග් විත් මී!"

"අප්පච්චි විහිලුවක් නෙවෙයි සුදු පුතා කරන්නෙ..ඔයාගෙ වෙඩින් එක අපි ඩිසයිඩ් කරලා ඉවරයි.." අම්මා එහෙම කියනකොට මට ආපු තරහට මගේ නහරවලුත් ඉලිප්පිලා මූන රතු වෙලා ආවා..ඒගොල්ලො හොදටම දන්නවා මං මෙ ටොපික් එකට පොඩ්ඩක්වත් කැමති නැ කියලා.

"මං දැන් පොඩි ලමයෙක් නෙවෙයිනෙ අප්පච්චි අම්මා..ඕගොල්ලොන්ට බෑ මේ වගෙ දෙයක් මගෙන් අහන්නැතුව ඩිසයිඩ් කරන්න..ලයික් හව්-"

"තමුන් කැමති උනත් නැතත් ජයසේකරගෙ ලොකු පුතාව බදින්න වෙනවා තීර්ථ!ඒක නිසා දැන් ඉදම්ම එයාව බදින්න හිතහදාගන්න!"කියලා කියපු අප්පච්චි මාව එතන තියලා පඩිපෙල නැගලා එයාගෙ කාමරේට ගියේ මගේ කටත් ඇරෙනකොට.

හදිස්සියේ වෙඩිමක් ඇරේන්ජ් කරා මදිවට ඒකත් කොල්ලෙක් එක්ක!මට උන්ව තරං පේන්න බැරි ජාතියක් තවත් නැතුව ඇති.මං දත්මිටි කන ගමන් බැලුවෙ පොඩි හිනාවක් එක්ක මගෙ දිහා බලන් ඉදපු අම්මා දිහා

"අම්මා මොකක්ද මේකෙ තේරුම?"

"දැන් අප්පච්චි කිව්වෙ ලමයො..ඔයා තව මාසෙකින් බදිනවා" හිනාවෙන හැටි විතරක්

"දැන් ඕගොල්ලො මට කියන්නෙත් නැතුව ඔක්කොම කරාම හරිද අම්මා? අනික මං කොහොමද දන්නේ එයා කොහොම කෙනෙක්ද කියලවත්? ආහ්??මෙහෙම එකපාට්ටම බදින්න බෑ මට!තේරුම් ගන්නකො ප්ලීස්"

"අපි කවදාවත් ඔයාට වැරැද්දක් කරන්නැනෙ සුදු පුතා..අනික මේක මේ ලගකදි තීරනෙ කරපු දෙයක් නෙවෙයි..අපි බලන් හිටියේ ඔයාට 30 ක් වෙනකන්..ඒ ලමයි හෙට මෙහෙ එනවා එතකොට දැන අදුනගන්නකෝ ම්ම්?"

"අම්මා අනේ තව ටික කාලයක්වත් දෙන්නකෝ මට..අයියට හොද වෙනකන්වත්?අනේ අප්පච්චිට කියන්නකෝ!" 

"මට සමාවෙන්න පුතා..මං හිතන්නැ අප්පච්චි තව කාලයක් ඔයාට දෙයි කියලා.. අප්පච්චී මේක ගැන බලාපොරොත්තු තියන් හිටියෙ ගොඩක් කාලෙක ඉදන්  කලින්..ඉතින්..."

"මං බදින්න කැමති නැ දෙයියනේ..!අනික මේ කෙහෙල්මල් පොරොන්දුවක් නිසා-"

"මං තෝරපු කෙනාව බදින්න කැමති නැත්තං තමුන්ට මේ දැන්ම තමුන්ගේ අම්මවයි අප්පච්චිවයි අමතක කරලා මේ ගෙදරින් එළියට බැහැලා යන්න පුලුවන්..හැබැයි එළියට ගියොත් ආයිත් ඒමක් නෑ!"

කාමරේ ඇතුළට ගිය අප්පච්චි  ආපහු ඇවිත් කියද්දි මට ආපු කේන්තියට අතට අහුවෙන හැමදේම කඩලා බිදලා දාන්න ඔනෙ උනත් අමාරුවෙන් මං මාව පාලනේ කරගත්ත.

"හරි එහෙනම් මං එයාව බදින්නං.. හැබැයි ඔය මගේ වෙන්න මිනිහට තේරුම් කරලා කියලා දෙන්න මගෙන් "ආදරේ" කියන දේ නම් කවදාවත් එයාට ලැබෙන්නෙ නැ කියලා!" කියපු මං කේන්තියෙන්ම ගෙදරින් එලියට ගියා.ඒ යද්දි අප්පච්චි කිව්ව දේට මට තවත් කේන්ති ගියා.

"ඒක අපි අනාගතේදි බලාගමුකො..හෙට හය වෙද්දි අනිවාරෙන් මෙතන ඉන්න තේරුනාද?"

හහ් මහලොකු වෙන්න මිනිහා..හෙට බලාගමුකො එහෙනම්...

උඹේ ජිවිතේ අපායක් කරලා පස්ස බැලුවෙ නැත්තං මං තීර්ථ අභිශේක් මංචනායක නෙවෙයි!...

…………………………………

වෝට් කරම්න,කමෙන්ට් කරම්න දරුවනේ 👉👈
ආදරෙයි මෙච්චරක් 🤏😌

︵‿୨❤💚୧‿︵

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now