04

283 46 5
                                    

ශිතෙව් pov

"මචං උඹේ කම්මුලට මොකක්ද උනේ?ආයිත් අරූ ගැහුවද?"මට හිටිය එකම යාලුවා වෙච්ච ලසිදු ඇහුවේ තාමත් ඊයෙ කාපු කම්මුල් පාරවල් නිසා ඉදිමිලා තියෙන කම්මුල හිමීට අල්ලන ගමන්..වෙනදට ගුටිකෑවාම මං අයිස් කැටයක් හරි තියාගත්තත් ඊයෙ ඒක කරගන්නවත් සිහියක් මට තිබ්බෙ නැ.

"ම්න්.."

"මං උබට කොච්චර කිව්වත් අපෙ ගෙදරට එන්නෙත් නෑ.. ඇයි බන් මෙහෙම ගුටි කන්නෙ එක එකාගෙන්??"

"එක එකාගෙන් නෙවෙනෙ බන් තාත්තනෙ ඉතින්..අනික මට ඔන්නැ උඹට වදයක් වෙන්න..."

"මට නම් දැන් සැකයි ඒ මිනිහා උඹේ තාත්තද කියලත්?අනික උඹ මට වදයක් නෙවෙ පගෝ..හරි අපෙ ගෙදරට එන්න බැරි නම් මූව් අව්ට් හරි වෙයන්කො" කියලා ලසිදු කියනකොට මගේ මූනෙ ඇදුනෙ වේදනාත්මක හිනාවක්..කොහොමද මං කටක් ඇරලා  කියන්නෙ දවල් රෑ නොබලා මහන්සි වෙලා හම්බකරන පඩියෙන් මගෙ අතේ ඉතුරු වෙන්නෙ දවසකට වඩේ එකකුයි ප්ලේන්ටියකුයි බොන්න පුලුවන් සල්ලි විතරයි කියලා?

ම්ම්..මං ඩොක්ටර් කෙනෙක් තමා ඒත් මගෙ අතට මාසෙකට හම්බෙන්නෙ 10000 කටත් වඩා අඩු ගානක් කියලා කිව්වොත් කවුරුත් මාව විශ්වාස කරන එහෙකුත් නැ..

කොටින්ම මගෙ පඩියෙ ඉතුරු වෙන හැමසතේම අරගන්නෙ අම්මා කියල කාටහරි කිව්වොත් උන් මට පිටිපස්සෙනුත් හිනාවෙයි මොකද එයා තමා 'SA holdings' වල අයිතිකාරයාගෙ ලව්ලි වයිෆ්..ඒත් ඉතින්...

"කෝමත් ලබන මාසෙ මූව් අව්ට් වෙන්න වෙයි මට.."

"ඇහ්??" ලසිදු ඇහුවෙ කටත් ලොකු කරගෙන.

"ලබන මාසෙ මං බදිනවා බන්"

"මොකක්ද පගයො තෝ කියන්නෙ? බදිනවලු මූව් අව්ට් වෙනවලු මොකක්ද මේ..?"

"ඉතින් ලබන මාසෙ මං බැන්දාම මගෙ මිනිහා ගාවට යන්න එපැයි"

"ලබන මාසෙ?කවුද? කාවද බදින්නෙ? කොහෙද?මං දන්නැති උබෙ ෆියොන්සෙ කවුද ආ? තේව් කියපංකෝ..." ලසිදු ඇහුවෙ මාව හොල්ලන ගමන්..අම්මො ඔලුවත් කැරකෙනවා වගේ

"හොල්ලන්න එපා යකූ කාපුවත් යයි..මං ලබන මසෙ අර මංචනායක ගෲප්ස් ඇන්ඩ් හෝල්ඩින්ග්ස් එකෙ අයිතිකාරයව බදිනවාලු..

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now