10

243 41 1
                                    

ශිතෙව්ගෙ මූන දැක්ක ගමන් මං තේරුන් ගත්තා කොල්ලා ඉන්නෙ අමාරුවෙන් කියලා.ඒසි එකෙ උනත් නලල දෙපැත්තෙන් බේරිලා තිබ්බ දාඩියයි,රතු වෙලා තිබ්බ එයාගෙ සුදු මූනයි මට ගෙනල්ලා දුන්නෙ වේදනාවක්...කොච්චර ශිතෙව්ට අකමැති වගේ ඇක්ට් කරන්න ඔනෙ උනත්...මගෙ හිත...මගෙ හිත... arrrrrr

අඩියට දෙකට එයා ගාවට කිට්ටු උන මම  ඉක්මනට ශිතෙව්ව මගේ පපුවට ඇදලා අරගත්තේ හිමිට එයාගෙ ඔලුව අතගාන ගමන්..ශිතෙව් කොච්චර මට ලංවෙලා හිටියද කිව්වොත්,එයාගෙ හයියෙන් ගැහෙන හදවතේ වේගෙ පවා මට ඇහුනා

"You are okay now...hmm..පැටියෝ..you are okay" කලින්ට වඩා හුස්ම ගන්න වේගෙ අඩු උනත් තාමත් එයා ඉන්න ස්ටේට් එක හරි නැති නිසා මං එයාගෙ කන ගාව ඉස්සර අයියා කැමති වෙලා හිටිය කොරියන් සෝන්ග් එකක් හිමීට කිව්වා

She looks like a blue parrot
Would you come fly to me?
I want some good day, good day, good day
Good day, good day
Looks like a winter bear
You sleep so happily
I wish you good night, good night, good night
Good night, good night

Imagine your face
Say hello to me
Then all the bad days
They're nothing to me
With you, ooh, ooh, ooh, ooh

Winter bear...

සින්දුව ඉවර වෙනවත් එක්කම ශිතෙව් සන්සුන් උනා වගේම එයාගෙ  ඇස් වලින් කදුලු කඩං වැටුනා

"ඇයි අඩන්නෙ ම්ම්..?"

"ම්හ්..හ්න්..ස්-සොරි..හික්" 

"අඩන්න එපා...මං ආයිත් බනින්නෙ නැතුව ඉන්නම් ම්ම්??" මං කිව්වෙ ශිතෙව්ගෙ ඇස් වලින් කඩන් ඇටෙන කදුලු පිහිදන ගමන්

"හික්..ඉහික්"

"ආහ් දැන් බැන්නාමද ඇඩිල්ල නැතිවෙන්නෙ ආ?"

"හික්..න්-හික්-නැ" ශිතෙව් කිව්වෙ කටත් උල් කරලා...හා පැටියෙක් වගේ

උඹේ මූන දැක්කාම අර වගේ පහත් වැඩක් කරයි කියලා හිතන්න බෑ බන්..ඇත්තටම උඹ එහෙම දෙයක් කරලා නැත්තං..

"ඔයා තීර්ය අභිසෙස් කියලා කාවහරි දන්නවද?" මං ඇහුවෙ හරි කෙලින් එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන.පොඩ්ඩකට හරි ඒ ඇස් ගැස්සුනා නම් මං හිතං හිටිය හැමදේම හරි යන්න ඉඩ තිබුනා ඒත් එයාගෙ ඇස් පොඩ්ඩක්වත් වෙනස් නොවුනා වගේම මගේ දිහා බලන් හිටියේ 'ඒ කවුද?' කියන්න වගේ බැල්මකින්

"ඒ..ඒ ඒ ක්-ක-"

" ම්න් ඔයා දන්නැති කෙනෙක්"

"ද්-දන්නැ-නැති අ-අය ගැන ම්-මගෙන් අහන්...නේ ම්හුක්"

"ආ කටට පණ ආවාද? කෝ එන්න එහෙනම් පුටුවෙන් තියන්න" මං කිව්වෙ තොලත් අනිත් පැත්ත පෙරලගෙන වචන අහුලන එයා දිහා බලාගෙන..ඒත් එයා කරපු දේ නිසා මගේ බඩේ සමනල්ලු පියාඹන්න ගත්තා

"බ්-බ්ලැහ් මගේ..මගේ කටට..ප-පන ඤැ" කියපු එයා ආපහු මගෙ පපුව අස්සට රිංගලා මාව හයියෙන් අල්ල ගත්තා

"ඉතින්...අද ආවෙ ඇයි මෙහෙ ම්ම්?" මම එයාගෙ ඔලුව අතගාන ගමන් ඒම ඇහුවත් එයා කිව්ව දේත් එක්ක මීට පැය භාගෙකට විතර කලින් නැතිවෙච්ච් යකා ආයිත් ආවේශ උනා

"ම්..මේ මැරේජ් එක්-එක කැන්සල් ක-කරන්න කියලා කිය්-යන්න"

❤💚

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now