26

241 40 3
                                    

.
.
.

සික් මීට වඩා හොද තැනකට අරං එන්න බැරි උනාද මං අහන්නෙ??ගදයිත් එක්ක ඊව්.. ආයියා මේ ගොන් තඩියා කුනු මාලු කෑල්ලක් වගේ මාව එහෙට මෙහෙට විසික් කරන හැටි විතරක්!අපේ අයියා හරිම ආදරෙන් අත පත ගාන පැටියගෙ ලස්සන අත පය තැලිලා ගියොත් එහෙම මිනියටත් කැතට ඉදිවි...ඔව් මං බය නැ මැරෙන්න!මං බය නැ මැරෙන්න! මං බය නැමයි මැරෙන්න! ඒත්..මං...රිදෙනවට බයයිනෙ..අම්මේ..අනෙ..අයියේ බයයිනේ

"අරක අරං වරෙන්" 

අම්මගේ මාලෙ අත ගගා හිටිය මගේ බඩ බොක්කෙ ඉදන් සීතල වෙලා ගියේ තාත්තගෙ කටහඩ ඇහුනම..'අනෙ අම්මෙ' කොච්චර හිත හයිය කරන් ඉන්න ගියත් දොරෙන් ඇතුලට ආපු තාත්තගෙ මූන දැක්ක ගමන් ඇගම වෙවුලලා,ඇස් වලින් කදුලු ගැලුවෙ හිතේ තිබ්බ බය වැඩ් නිසා..

වෙනදට තාත්තා නපුරු පාටයි නම් අද...අද එයා යකෙක්ටත් වඩා නපුරු පාට වෙලා තිබ්බා...දත්මිටි කාගෙන ගොරකා මද දෙකක් වගේ රතු වෙලා තිබ්බ තාත්තගේ ඇස් දෙක දැක්කම අද නම් මං මැරෙන එක නවත්තන්න උඩ ඉන්න දෙවියොන්ටත් බැරි වෙයි කියලා හිතුනා.

"තා-ත්-ත්"

"උඹ- කටවහපන්! ටෝනි..." තාත්තා ටෝනිගෙ දිහා බලලා ඔලුව වැනුවම,ටෝනි මොකක්ද මංදා ෆයිල් එකක් අරං මගේ දිහාට ආව..ටෝනි අඩියෙන් අඩිය ලං වෙනකොට මං මාලෙත් තද කරගෙන පුලුවන් තරං පස්සට ගියා

"ලොකු බේබි මේක අත්සන් කරා නම්.." ටෝනි කිව්වෙ ඒ ෆයිල් එක මගෙ අතට දීලා.මං වෙවුලන අත් වලින් ෆයිල් එක අරිනකොට ඒකෙ තිබ්බ දේ දැකලා මගෙ ඇස් දෙකත් ලොකු වෙලා ගියා

ඉඩම් ඔප්පු??SA holdings එකෙ ඕනර්ශිප් එක?ඇයි මේ ඔක්කොම මගේ නමට තියෙන්නෙ??තාත්තා නම් මේ වගේ වැඩක් කවදාවත් කරන්නැ..
කලින් ඕනර් සදුන් ජයසේකර?හහ්..කවුද මේ සදුන් කියන්නෙ?? එතකොට තාත්තගෙ නෙවෙයිද මේ හැමදෙයක්ම??හ්

"ඔය කොල වල අත්සන් කරපන් ඉක්මනට!!!උඹ මොනවද බලන් ඉන්නෙ??මෙ දවස එනකන් මං අවුරුදු 27 ක් බලන් හිටියා යකෝ!උඹව ඉක්මනට මරලා දාන තරමට මට සැනසීමයි..මූසලය"
දැන් උඹ මගේ දිහා බලන් ඉන්නෙ ඇයි මරන්න නම් උබව අවුරුදු 27 ක් තියාගත්තෙ කියලා අහන්න නම්..උඹට 27දි මේ දේපල ඔක්කොම හම්බුනත්, උඹ හදිස්සියෙවත් මැරුනොත් උබෙ දේපල ඔක්කොම අනාත නිවාසෙකට යන විදිහට තමා ඔය ඔක්කොම ඔප්පු හදලා තියෙන්නෙ..ඒත් උඹ ඔතන දාන අත්සනෙන් පස්සෙ උබ මැරුනොත් ඒ දේපල ටික ඔක්කොම ටික උබෙ කැමැත්තෙන්ම  උබව හදාවඩාගත් පියාට ලැබෙනවා හහ් හහ් හා ඊටපස්සෙ මේ ඔක්කොම මගේ හහ් හහ් හාආආ"

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now