03

317 50 1
                                    

ශිතෙව් pov

අඩලා අඩලා හිත නිදහස් කරගන්න කියලා මුහුදට ගිය මගෙ දුක තවත් සිය ගුනේකින් වැඩි උනේ මට තාත්තගෙන් ආපු කෝල් එකත්,බීච් එකේදි අභිශේක් අයියගෙන් කාපු කම්මුල් පාරත් නිසා...ම්හුක් මගේ තොලත් පිපිරුනාද කොහෙද ඒ අතින් වැදුන පාරට!

ඉදිමිලා තියෙන කම්මුලත් අතගාගන්න ගමන් මං හැදුවෙ තාත්තා මාව දකින්න කලින් කාමරේට යාගන්න උනත් සාලෙට අඩිය තිබ්බ ගමන් මාව එයාගෙ අතට අහු උනා.

"කොහෙද යන්නෙ උඹ?"

"කා-කාමරේට"

චටාස්..

අද දවසට දෙවෙනි පාරටත් කම්මුල් පාරක් කන්න උනා..එතකොට මේ සතියට කිවේනි එකද මේ??ම්ම්ම්.. දෙකයි,හතරයි,හයයි,ඊයෙ එකයි අද දෙකයි නවයයි...සතියට 7 පැන්නෙ නැතොත් තමා පුදුම වෙන්න ඔනේ ඉතින්

"මං උඹට මොකක්ද කෝල් කරලා කිව්වෙ ආ?"

"තා-තා-"

"කටවහපන්! උඹ කතා කරනකොට ඉතින් හරි..මං උඹට කිව්වෙ මං එනකන් සාලෙට වෙලා ඉදපන් කියලා ඒත් උඹ හැදුවෙ මොකක් කරන්නද?

"ම-"

චටාස්

මේ පාර වැදිච්ච පාරට නම් ලාවට පැලිලා තිබ්බ තොල පුපුරලාම ගියා කියලා මට තේරුනේ කදුලු පාලනෙ කරගන්න තොල හපාගන්නකොට කටට දැනුන අපුල ලේ රස නිසා!ඒත් කොච්චර පාලනේ කරගන්න ගියත් කදුලු බින්දු එක දෙක වැටෙන එක පාලනේ කරගන්න මට බැරි උනා

"ඔව් ඔව් ගෑනියෙක් වගේ අඩපන් හැමදේටම!තෝ මගේ ලමයෙක්ද කියලත් සැකයි මට..ඇත්තටම ඇයි උඹට මල්ලි වගේ හරි මිනිහෙක් වෙන්න බැරි ආහ්?" තාත්තා අහපු දේත් එක්ක මං බිම බලගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා..මමත් ආසයි මල්ලි වගේ හැමෝටම ආඩම්බර වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඒත්....මං ලොකු හුස්මක් නිදහස් කරලා අත් දෙක මිටමොලව ගත්තේ ඕනවටත් වඩා මගේ හිත දැන් රිදිලා තියෙන නිසා

"තමුන්ගේ වෙඩින් එක ලබන මාසෙ!ඒ නිසා හෙට ලෑස්ති වෙනවා මංචනායකලගෙ ගෙදරට යන්න තේරුනාද ආහ්??"

මං හිතුවෙ මං කරපු මොකක් හරි නිසා මට බනින්නයි තාත්තා කතාකරේ කියලා ඒත් තාත්තා කිව්ව දේත් එක්ක මගෙ ඔලුවට අකුනක් ගැහුවා වගේ උනා..මං දැක්කා මං ගුටිකනවා බලන් කටකොනෙන් හිනාවෙවී හිටිය මල්ලිගෙ හිනාවත් නැවතිලා ඇස් ලොකු කරගෙන තාත්තා දිහා බලන් ඉන්නවා

"ම-මගෙ වෙ-"

"ඔව්..මං මේ උඹට තියෙන ආදරේකට නෙවෙ ඒ වගේ පවුලකට බන්දලා දෙන්නෙ..ඒ මිනිස්සුම ඇවිත් උඹවම ඉල්ලුව නිසාත්..උඹ බැදලා ගිහින් මට වැඩක් කරලා දෙන්නත් ඔනෙ නිසා! අවුරුදු 26 ක් කන්න දීලා ඉගැන්නුවට ගුණයක් හරි තියන්න එපැයි නේද..." කියලා තාත්ත මං කරන්න  ඔනේ දේ කිව්වාම මට ඔලුවෙ කැක්කුමකුත් හැදුන..අනෙ දෙයියනෙ මේ මං කොහොමද??

"දැන් පලයන් මෙතනින්..හැබැයි හෙට 6 වෙද්දි ලෑස්ති වෙලා හිටියේ නැත්තං වෙන දේ මං කියන්න ඔනෙ නැනෙ?"

තාත්තා කිව්ව පරක්කුවට මං දුවගෙන වගේ ගියේ මේ මහ මන්දිරයක් වගේ ගෙදර මගෙ හිතෙ සැනසීම තිබ්බ එකම තැන වෙච්ච මගේයි, අම්මගෙයි කාමරේට..ඒ ගිහිල්ලත් එකපාර ඇදට වැටෙන්නෙ නැතුව මං කෙලින්ම ගියේ බාතෲම් එකට...

හැමදාමත් වගේ ශවර් එක ඇරගෙන ඔලුව පුපුරන්න වගේ එනකන්,ඇස් දෙක ඉදිමිලා ඇරගන්න බැරි වෙනකන්ම මං මගෙ දුක කදුලු වලින් එලියට දැම්මා

"ඇයි මටම මේම වෙන්නෙ?"

කොන්ඩෙත් හයියෙන් ඇදගෙන වතුර ගලාගෙන යන ටයිල් පොලොවෙ ඔහේ වැතරිච්ච මගේ මතකෙට ආයිත් ආවෙ අභිශේක් අයියා මගෙ කම්මුලට ගහපු එක...

එයාගෙ ඇගට වැටුන නිසාද මට ගැහුවෙ??ඒත් එයාගෙ ඇගට මං වැටුනෙ හිතලා නෙවෙනෙ..එයා මං දිහා බලන් හිටියෙත් හරියට එයාගෙ දෙයක් මං උදුරගත්තා වගේ..ඒත් අපි මීට කලින් හම්බෙලාවත් නැනේ.. අනික..අනික එයා කොහොමද මගේ නම දන්නෙ??

|||||||||||||||||||||||||||||||

කමෙන්ට් කරම්න,වෝට් කරම්න
👉👈🌼
දවසක් ඇර දවසක් අප්ඩේට් කරනෝ..
මේක ශෝර්ට් ෆික්ශන් එකක්..ඒ නිසා චැප්ටර්ස් 35 ට වැඩිය යන්නැ 😉

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now