06

258 42 2
                                    

අම්මා කෝල් 50 ක් විතර ගහලා ගහලා මාව අර මිනිස්සු එන්න විනාඩි 15 කට කලින් ගෙන්නගෙන එයාම තෝරගත්තු ඇදුමක් මට අන්දවලා සෝෆා එකෙන් ගෙනත් තිබ්බා..අයියො පොඩි ලමේක් වගේ මං දැන්..පව්ඩර් ටිකකුත් දැම්මා නම් හරි-

"කෝ සුදු පුතා මූන අල්ලන්න මේ පව්ඩර් ටික ගාන්න" ඊව් වට් දා හෙල්ල්ල්ල්ල්

"අම්මාහ්?!"

"මොකද?මොකද ආ? කෝමත් මේ අන්තිම දවස තමුන්ට හොදට සලකන ම්හුක් මට දැන් අලුත් බෑනෙක් හම්බෙනවනෙ එතකොට තමුන් කැලේ.." කිව්ව අම්මා මගෙ මූනෙ පව්ඩර් අතුල්ලලා ගස්සගෙන කිචන් එක පැත්තට ගියා..මාත් කටඇදකරගෙන මගෙ දිහා බලාගෙන හිනාවෙන අප්පච්චි දිහා බැලුවා..දැන් තමයි වෙලාව

"අප්පච්චිඊඊඊ.."

"මොකද බටර් ගාන්නෙ?.." සික්

"මේ...අද එන කෙනාට මගේ හිත කැමති නැති උනොත් මං බදින්නැ හරිද? හාද හාද හාද අනේ?" මං දැන් බිබික්කමක් වගේ පේනවා ඇති ඊව්..අයියා හිටියා නම් මට පුපෙනුත් හිනාවෙයි

"හාකො හාකෝ හැබැයි මට විශ්වාසයි ඔයා ඒ දරුවට කැමති වෙනවා කියලා.."අප්පච්චි හෙන ආඩම්බරෙන් ඒක කිව්වෙ

යැව් යැව් කමක් නැ කැමති නැති උනොත් බදින්න ඕන්නැ කිව්වනෙ යෙස්!!

මං මගෙ ජයග්‍රහණය සමරද්දි තමා කා එකක් අපේ වත්ත ඇතුලට දානවා ඇහුනේ..එන්නැති මහලොකු වෙන්න මනමාලයා..මං බලාගෙන හිටියා අපෙ අම්මයි, අප්පච්චි ආපු කට්ටිය පිලිගන්න යනවා.ඒත් මං නම් නෙවෙ  මං ඉදන් හිටිය සෝෆා එකෙන් නැගිට්ටෙ...එත් ආපු කට්ටියත් එක්ක දැක්ක මූන නිසා මාව ඉබේම නැගිට්ටුනා

ඒ ඇවිත් හිටියෙ....

..................
ශිතෙව් pov

මරන්න ගෙනියන හරක් පැටියා වගේ මංචනායක අන්කල්ගෙ ගෙදෙරට ආපු මගෙ ඇස් දෙක ඩබල් සයිස් වෙලා ගියේ මේ ගෙදර ලොකු දැක්කාම..දෙයියනෙ සිරි ලන්කාවෙ තියෙනවද මෙච්චර ලොකු ගෙවල්?මං මෙච්චර කල් හිතං හිටියේ අපෙ ගෙදර තමා ලොකුම කියලා.. බලන් ගියාම මේ ගෙදර එක කාමරයක් ඇති අපේ මුලු ගෙදරම සයිස්!

"බුදුඅම්මො මේ ගෙදර ලොකු? සල්ලි ආකරයක්ද කොහෙද මේක නම්??" මල්ලි කිව්වෙ ඊරිසියාකාර ටෝන් එහකින්

"ඒකනෙ බලන්නකො සමන්..සුදූව බන්දලා දෙන්න බැරිද?බලන්නකො අනේ.."

"ඒ මිනිස්සු මේකවනෙ ඉල්ලන්නෙ චමිලා..මට එතකොට කියන්න බැනෙ අවිනාශ්ව බදින්නයි කියලා??හැබැයි අපේ වැඩෙ කරගත්තට පස්සෙ මෙයාව ඩිවෝර්ස් කරගත්තොත් බැරි වෙන එහෙකුත් නැ..."

මේගොල්ලො මේ කතාකරන්නෙ හරියට මං මෙතන නෑ වගේනෙ...අනික එකපාර මල්ලිව බන්දලා දුන්නා නම් ඉවරයිනෙ.. කොහොමත් මේ වගෙ ලොකු ලොකු ගෙවල් වල ඉන්නෙ නපුරු මිනිස්සු කියලා මං අහලා තියෙනවා..අපෙ ගෙදර ඉන්න මිනිස්සු මෙච්චර නපුරු නම්...මේ ගෙදර ඉන්න මිනිස්සු..මං කොහොමද දෙයියනෙ මෙහෙම ජීවත් වෙන්නෙ?? 

හැබැයි මං හිතං හිටපු දේවල් වෙනස් උනේ ඒ ගෙදරට අඩිය තිබ්බ ගමන් මාව සොෆ්ට් අත් දෙකකට ඇදිලා ගිය හින්දා..එයා ගාවින් ආවෙ අම්මෙක්ගෙ සුවදමයි..දැන් මන් අම්මා කියන කෙනාගෙන් මට කවදාවත් දැනුන් නැති හැගීමක් ඒ ආන්ටි මාව බදාගත්තාම මට දැනුනා

"ආනෙ චූටි මැනිකක්නෙ..අපෙ මහත්තයා මේ බලන්නකෝ.." ඒ ආන්ටි කිව්වෙ මගේ මූන අතගාන ගමන්..මාත් ඉතින් දත් 32 කම පෙන්නලා ලොකු හිනාවක් දුන්නා ම්හුක්..

"ඒකනෙ මං කිව්වෙ සුදූ.." ඒ කටහඩ ඇහිච්ච ගමන් මං ඉක්මනට ඒ පැත්ත බැලුවෙ ඒ කටහඩ මට හුරු නිසා..මේ අන්කල්..

"කොහොමද පුතා ඉතින්?මතකද මාව.."

"සසංක අන්කල්?"

එකදවසක් එයා පාරෙ ඇක්සිඩන්ට් වෙලා ඉද්දි මම තමයි හොස්පිටල් අරං ගියේ..එච්චරම ලොකු ඩැමේජ් එකක් තිබ්බෙ නැති නිසා එයා මාත් එක්ක හොදට කතාකර කර හිටියත් මං කැන්ටින් එකට ගිහින් එනටිකට එයාගෙ පුතා ඇවිත් ටිකට් කපං අරං ගියා කියල එතන හිටිය හෙඩ් ඩොක්ටර් කිව්වා.එතකොට මං මේ බදින්න යන්නෙ මෙයැයිගෙ පුත්තර රත්නයද? මට මතකයි කොල්ලො දෙන්නෙක් ඉන්නවා කිව්වා වගේ

"අහ්හ්..මතකයි නේද?මං හිතුවෙ අමතකත් වෙලා ඇතී කියලා..යමු යමු ආ ජයසේකර එන්න අපි යමු ඇතුලට" කියලා අන්කල් මගෙ එක අතකින් අල්ලං ඇතුලට යනකොට ආන්ටි අනිත් අතින් අල්ලගත්තා.හැබැයි ඒ ගෙදර සාලෙට ගිය ගමන් මගෙ ඇස් දොට්ට පයින්න වගේ ලොකු උනේ  අභිශේක් අයියව දැක්කාම..

එතකොට..එතකොට මං බදින්න යන්නෙ අභිශේක් අයියවද?මගෙ අවුරුදු ගානක ක්‍රශ් එකද?මංචනායක හෝල්ඩින්ග්ස් වල නපුරු අයිතිකාරයා එතකොට මගේ අභී අයියද?...

.
.
.
.

Thank u for reading ❤💚💤

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now