14

263 48 4
                                    

අභිශේk pov

ශිතෙව්ගෙ ගෙදරට ඩ්‍රයිව් කරන ගමනුත් මගේ ඔලුවෙ කැරකුනේ ලසිදු කිව්ව දේවල්..ඒවා ගැන හිතද්දිත් මට දැනුනෙ මහ මූසල හැගීමක්.. ඒක තවත් වැඩි උනෙ අප්පච්චි එව්ව ලොකේශන් එකට ගියාම..වාව් මේ ගෙදර බූත බංගලාවක් වගේනෙ??ශිතෙව් ඉන්නෙ මේ වගෙ ගෙදරකද? ලොකුවට තිබ්බට හරිම මූසල පාටයි.ගෙදර ඇතුලට ගියාත් අර මූසල හැගීම වැඩි උනා මිසක් අඩු උන්නැ..

මං ඇතුලට යනකොටත් ආන්ටියි,එයාලගෙ පොඩි පුතයි සාලෙ ඉදන් ටිවි බල බ්ල හිටියා  මාව දැක්කම දෙන්නගෙම ඇස් ලොකු උනා.

'ඔහ්..අභිශේක් පුතා..මෙහෙ?"

"ඔව් ආන්ටි මං මේ ආවෙ ශිතෙව්ව බලන්න..එයාට උණ හැදිලා කියලා කිව්වා.." මං එහෙම කිව්වාම දෙන්නගෙම මූනු වෙනස් උනා..මං ඒ දෙන්නගෙන් ඇස් දෙක ගලවගෙන බිත්ති වල ගහලා තිබ්බ පින්තූර දිහා බැලුවා..

බිත්තියෙ ගහලා තිබ්බ පින්‍තූර පිරිලා තිබ්බෙ මේ තුන්දෙනාගෙයි,හිච්චි ජයසේකරගෙ යාලුවොන්ගෙ පින්තූර වලින්..කෝ එතකොට ශිතෙව්? ඇයි මේ එක පින්තූරෙකවත් එයා නැත්තෙ?හ්ම්ම් සැකසහිතයි

"ආ ඒක එච්චර ලොකු උණක් නෙවෙ පුතා.."

"ම්..මොකක්ද ආන්ටි එයාගෙ රූම් එක?"

"අර කොනේම රූම් එක" කියලා එයා පෙන්නුවෙ කිචන් එකටම එහා පැත්තෙ තිබ්බ පොඩි රූම් එක.

"ම්න්" කියලා කියපු මම කෙලින්ම එයාගෙ රූම් එක පැත්තට ගියේ මගෙ දිහා ලොකු හිනාවක් එක්ක බලන් හිටිය ශිතෙව්ගෙ මල්ලිව ඉග්නෝ කරලා.බලන් ඉන්න හැටි විතරක්?!මාව කපලා කනවද..හපලා කනවද වගේ බලන් ඉන්නෙ..

මං ශිතෙව්ගෙ දොර ඉස්සරහට ගිහින් තට්ටු කරනකොටත් දැක්කා අම්මයි,පුතයි මං දිහා අමුතු විදිහට බලන් ඉන්නවා.

ශිතෙව් pov

බාත්රූම් එකට වෙලා තිබ්බ රෙදි කන්ද හෝද හෝද හිටිය මට හිමීට දොරට තට්ටු කරන සද්දයක් ඇහුනෙත් අහම්බෙන් වගේ..ඒ නිසා ඊයෙ වෙච්ච දේවල් එක්ක ඇගට පනක් නැති උනත් ඉක්මනට ඉක්මනට දොර දිහාවට ගිහින් දොර ඇරියත් මගේ කටත් එක්ක ඇරිලා ගියේ එතන හිටිය කෙනා දැක්කම

"අ-අභී අයියා?"

ඇස් ලොකු කරගෙන එයා දිහා බලන් හිටපු නිසා කටකොනෙන් හිනාවෙලා එයා ඇතුලට ඇවිත් දොර ඇතුලෙන් ලොක් කරා.

"මෙහෙ?.." මං කිව්වෙ අවුල් වෙලා තිබ්බ කොන්ඩේ අතින් හදාගන්න ගමන්..ඊව් මං නිකන් හඩු පැටියෙක් වගේනෙ!!!අන්ද්වෙහ්හ්

"ලෙඩ ලමයව බලලා යන්න ආවා" කියපු එයා මගෙ ලගට ඇවිත් මගෙ නලලට අත තිබ්බා.ඊහ්හ්හ්හ්හ්හ්හ්හ් ඇගම වෙව්ලලා ගියා සාම්ත

"කෝ තාම ගිනි රස්නෙයිනෙ? බෙහෙත් ගත්තෙ නැද්ද?" රවාගෙන කිව්ව හැටි විතරක්???හිනාවෙන්න බැනෙ ටිකක් ලොකුවට ම්හුක්

"ගත්තා..තව පැය භාගෙකින් බොන්න තියෙන්නෙ ඊලග ඩෝස් එක.."

"හ්ම්ම්..මොනාද කර කර හිටියෙ?නිදාගෙනද හිටියෙ?" 

"රෙදි ටික හේදු-"

"මොකක්???"

"ඇ-ඇයි..?" මං ඇහුවෙ ඇස් ලොකු කරලා එයා දිහා බලලා..රකුසු මූන දැක්කාම නැති චූ බරවලුත් ලෝඩ් වෙනවානේඒඑ අනෙ අම්මේහ්හ්හ්

"මේහෙ ඇග ගිනි ගන්නවා..උණ තියාගෙන වතුර ගොඩෙ රිංගන්න තමුසෙට පිස්සුද පැටියො ආහ්?" කියපු එයා එහෙන්මම ගිහින් එබුනෙ මගෙ බාතෲම් එකට..

"මේ..ගෑනු ඇදුම්...කාගෙද?"


Thank u for reading 💚

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now