29

237 36 4
                                    

.
.
.

සතියකට පසු~

මෙච්චර දවස්ම අඩ අඩ හිටිය මගේ හිත පන්සලට ඇතුල් වෙච්ච වෙලාවෙ ඉදන්ම සන්සුන් වෙලා තිබ්බා..කරදරයක් උනාම මිනිස්සුන්ට ඉස්සෙල්ලාම පන්සල මතක් වෙන්නෙ මේක නිසා වෙන්නැති...කියලා හිතපු මං ලොකු හුස්මක් අතඇරියෙ ලොකෙම බර මගෙ උරහිස උඩ තියන් හිටියා වගෙ..අයියටත් ඒකෙ බර දැනිලද මංදා මෙච්චර වෙලා එයාගෙ අතත් එක්ක පැටලිලා තිබ්බ මගේ අත පොඩ්ඩක් මිරිකලා මගෙ දිහා බලලා එයාගෙ ලේසියෙන් එලියට එන්නැති හිනාව දුන්නෙ මගෙ බඩෙ සමනල්ලුත් පාකරලා ..! 

හ්ම්ම්..එයා මගේ ලග හිටියෙ නැත්තං මේ වෙද්දි මට මොනවා වෙලා තියෙන්න තිබ්බද?මෙච්චර කල් මං තාත්තා කියලා තියෙන්නෙත් මගෙ අම්මවයි තාත්තවයි මරාගත්ත තාත්තගෙ මිනිමරු අයියටලු..

තාත්තා අමාරුවෙන් දියුනු කරපු බිස්නස් එකටයි එයාගෙ දේපල වලටයි ලෝබ කමේ තාත්තව මරාගෙන,අම්මා ඒ මිනිමරුවගෙ අයුතු යෝජනා වලට කැමති නැති වෙච්ච නිසාම එයාවත් මරාගත්ත ඒ ජරා මිනිහා මාවත් මරලා දේපල ඔක්කොම අයිති කරගන්න යද්දි ටෝනි අන්කල් තමා සසංක තාත්තගෙ ඇඩ්වයිස් වලට අනුව ඔප්පු ගැන කියලා මෙච්චර කාලයක් මාව ජීවතුන් අතර තියලා තියෙන්නෙ..

තාත්තට,ඒ මිනිමරුවා ගැන කලින්ම ඉව වැටුන නිසා ටෝනි අන්කල්ව ඒ මිනිහා ලග තිබ්බත්..තාත්තගෙයි අම්මගෙයි මරන දෙක වලක්වන්න අන්කල්ට බැරි වෙලා..ඒත් එයා මං ජිවතුන් අතර ඉන්නවා කියලා දැනගෙන, ජයසේකරගෙ ලගින්ම ඉදලා එයාගෙ විශ්වාසවන්තම කෙනා වගේ රගපාලා මාව ආරක්ශා කරන්න මටත් නොදැනිම මගෙ පිටිපස්සෙ ඉදලා තියෙනවා..
ටොනි අන්කලුයි,සසංක තාත්තටයි..මගේ  තාත්තා මැරුන දවස් වලම ජයසේකරව මරන්න ඕනෙ උනත්,ගොඩක් හේතු නිසා එයාව මරන එක කල් දාලා තිබ්බා..

ඒ කොහොම උනත් සසංක තාත්තගෙ ඇක්සිඩන්ට් එකයි,ලොකු අයියගෙ ඇක්සිඩන්ට් එකයි නිසා එයාලා දැනන් ඉදලා තියෙනවා ජයසේකර කොයිවෙලාවක හරි එයාලවත් මරන්න ඉඩ තියෙනවා කියලා..ඒක නිසා තමයි ඉක්මනට අයියව මට ප්‍රොපෝස් කරල අපි දෙන්නව ටික දවසකට පැත්තකට කරලා ජයසේකරව මරන්න එයාලා ප්ලෑන් කරලා තිබ්බෙ..

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now