සයවන මන්දාරම 🍁

968 182 44
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


________________________________________________________________


හවස ලී බංකුවෙ වාඩිවෙලා අප්පච්චිත් එක්ක කතා කෙරුව මිහික අප්පච්චි එතනින් නැගිටල ගියාට පස්සෙ පැය දෙකක් වගේ ඒ ලී බංකුව උඩ ගත කලේ තමන් ගන්න ඕනි තීරණය ගැන හොඳට හිතන්න .. ඒ ගැන හිතුව මිහික අන්තිමට තීරණය කරේ අද එන මනුස්සය හොදයි කියල හිතට දැනුනොත්,  හැසිරීමෙන් තේරුනොත් විතරක් කැමැත්ත දෙන්න .. එහෙම නැති වුනොත් ඉතින් මනමාල මහත්තයව හිස් අතින්ම හරවල එවන්න ..

මොන දේ වුනත් ගෙදර අයත් එක්ක සුපුරුදු විදියට දගකාරව කෙළිලොල් ව හැසිරෙන්න මිහික ඒ පැය දෙකෙන් පස්සෙ උත්සාහ කරා ..

" අම්මා .. මේ මට පොඩි දෙයක් අහගන්න ඕනි .."

කුස්සියට වෙලා රෑට කෑම හදන්න ඕනි කරන දේවල් ලක ලෑස්ති කර ගන්න මාලිනී ලගට කිට්ටු වුන මිහික මාලිනීගෙ ඇගේ දැවටී දැවටී ඉදල එහෙම ඇහුවා ..

" මොකක්ද චූටි .."

කරන වැඩේ කරන ගමන්ම මාලිනී ඇහුවෙ මිහිකට ලොකුවට අවධානයක් නොදී ..

" අම්මා .."

මිහික කතා කරත් මාලිනීගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ .. මාලිනී ලොකු වැඩක් ..

" අනේ අම්මා .."

ආයෙමත් කතා කරත් මාලිනී සද්ධ නෑ .. මූණ නාලු කර ගත්ත මිහික මාලිනී අතේ තිබුන පිහියත් ඇදර අරන් පැත්තකින් තියෙන ගමන් මාලිනීව ඔහුගෙ පැත්තට හරව ගත්තා ..

" මොකද බං .. තව පොඩ්ඩෙන් අතත් කැපිලා යනවා .."

" ඔයාගෙ අත කැපුනෙ නෑනෙ අම්මෙ මගෙ වාසනාවට .. අනේ අහන්නකෝ මට ප්‍රශ්නයක් තියෙනවා .."

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now