දහතුන්වන මන්දාරම 🍁

884 172 34
                                    

___________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

___________________________________________________________________

වෙහෙසකර දවසක අවසානයේ මිහික ඇවිත් ඇදෙන් දිගා වුනේ සුව නින්දක බලාපොරොත්තුව ඇතිව .. අද නම් දොස්තර කොලුවට හොඳටෝම මහන්සී වගේ .. මහන්සි නැතුව තියෙයිද අද ගෙදර හැමදේම වගේ කෙරුනෙ මිහිකගෙ අතින් .. හැබැයි ඉතින් මාලිනී අම්මත් මිහිකට උදව් කරා හැම වැඩකදිම ..

උදේ හැමෝටම තේ හදපු වැඩෙන් දවසේ වැඩ ටික ආරම්භ කරපු මිහික මාලිනී අම්මත් එක්ක එකතු වෙලා ගෙදර කරන්න ඕන හැම වැඩක්ම වගේ කරන්න පටන් ගත්තා .. කරන්න දැනගෙන හිටිය වැඩ ටික තවත් හොඳට කරන්න ඉගෙන ගත්ත මිහික අද , එයා මීට කලින් නොකර හිටපු දේවල් කරන්නත් ඉගෙන ගත්තා .. සමහර තැන් වැරදුනා පොඩි පොඩි වැරදීම් අතපසුවීම් වුනා ඉතින් මිහික අතින් .. කොහොමහරි ඉතින් මිහිකට අද ගෙවුන දවසම වෙහෙසකරයි ..

ඒ වගේම තමයි මිහිකට තේරුනා හොස්පිට්ල් එකේ ගෙවන කාර්යබහුල දවසකට වඩා ගෙදර තියෙන වැඩ එක්ක ඔට්ටු වෙන එක පුදුම තරම් වෙහෙසකරයි කියන එක .. ඒ අතරෙ ඉතින් මිහිකට එයාගෙ අම්මා මාලිනී ගැන ලොකු දුකකුත් හිතුනා .. එයාට අද හොදටම මහන්සි එක දවසක් ගෙදර වැඩ කරල ඒකත් අම්මගෙ උදව්ත් ඇතුව .. හැබැයි ඉතින් මාලිනී අම්මා වගේම අනිත් හැම අම්මමත් ඒ විදියට දෛනිකව මේ වැඩ කන්දට මූණ දෙනවනෙ .. ඒ අතරිනුත් කීප දෙනෙක් රැකියාවක් නොකර ගෘහණියන් විතරක් වෙද්දි තවත් අය රැකියාවක් ද කරන ගමන් ගෘහණියක් වෙද්දි එයාලගෙ දවස කොයිතරම් නම් වෙහෙසකර ඇත්ද ..

තවත් අලුත් දවසකට හිරු උදා වෙද්දි මිහික අවදි වුනේ සුපුරුදු එලාම් හඩට .. බාත්රූම් එකට ගිහින් මූණ සෝදගෙන පහසු ඇඳුමකට මාරු වුන මිහික කාමරෙන් එලියට ආවෙ මාලිනී අම්මගෙ රසම රස තේ එක හොයාගෙන .. වෙනද වගේම තේ හදන අම්ම ලග දැවටී දැවටී හිටිය මිහිකට විනාඩි කීපයකට පස්සෙ ලැබුනෙ එයාගෙ මග් එක .. ඊට පස්සෙ ඉතින් මාලිනී අම්ම පටන් ගත්තා උදේට කෑම හදන්න .. අද මිහික ඒවගෙන් නිදහස් වගේ ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now