විසි නවවන මන්දාරම 🍁

897 194 121
                                    

________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________________________________________________

නිදාගෙන හිටිය මීණු ලගින් ඇලවෙලා එයාව තුරුල් කරගෙන හිටිය මටත් ටිකකින් නින්ද ගිහින් තියෙද්දි පැය දෙකකට වැඩි සුව නින්දකට පස්සෙ මට ඇහැරුනේ ඉබේටමයි .. පියවිලා තිබුන ඇස් අරින්නෙත් නැතුවම පොඩි වෙලාවක් එහෙම්ම හිටිය මට තත්පර කිහිපයකින් තමයි මතක් වුනේ මං ලග නිදාගෙන හිටිය මීණුව ..

මීණුව මතක් වෙද්දි ඇදේ මට එහා පැත්තෙ කොටසට අත යවල ආයෙම මීණුව තුරුල් කරගන්න ගියත් මගේ අතට මීණුව අහු නොවී ඒ කොටස හිස් වෙලා තියෙද්දි පියවිලා තිබුන මගේ ඇස් කලබලෙන් විවර කරගෙන ඒ පැත්ත බැලුවා ..

ඇත්ත තමයි මීණු මට එහා පැත්තෙන් ඇදේ හිටියෙ නෑ .. දෙයියනේ කොහෙ ගියාද මේ ලමයා .. ඇදෙන් පහලටවත් වැටුනද ..!

ක්ෂනික සිතුවිල්ලක් ඒ විදියට මගේ හිතට එද්දි මාත් වටේට කැරකි කැරකි ඇද දෙපැත්ත බිම බැලුවා .. බිමන් නෑනෙ .. මං දන්නවා මීණු ඉන්නවද කියල බිම බලපු එක මහ මෝඩ වැඩක් කියලා .. ඒ වුනාට කියන්න බෑනෙ මං දැකල තියෙනවා පොඩි ලමයි නිදාගෙන ඉද්දි එහාට මෙහාට හැරි හැරි මුලු ඇද පුරාම නිදාගන්න උත්සාහ කරන අවස්ථා .. මීණුත් ඒ වගේනම් ඉතින් කියන්න බෑනෙ හැරි හැරි ඇදේ අයිනට ගිය ලමයා ඇදෙන් බිමට වැටෙන්නත් පුලුවන්නෙ .. ඒකයි බැලුවෙ .. ඒත් එයා නෑ ..

මීණු කාමරේ නැති වෙද්දි ඇදෙන් නැගිටින්න ගිය මං අහම්බෙන් දැක්කා කාමරේ ඇරල තිබුන ජනේලයෙන් පිටත එලියෙ වැටිලා තිබුන මලානික හිරු එලිය .. ඒ කියන්නෙ දැන් හොඳටම හවස් වෙලා වෙන්න ඕන .. මං ඉක්මනට ඇදේ තිබුන කොට්ටෙ අස්සට අත දාලා ෆෝන් එක අරගෙන වෙලාව බැලුවා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now