විසි හත්වන මන්දාරම 🍁

903 180 107
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


______________________________________________________________


ට්‍රේ එකත් අරගෙන මං ඉස්සරහට එද්දි සීය අපෙ අප්පච්චි එක්ක තාමත් බර කතාවක .. නිසල් මල්ලිත් පැත්තකින් වාඩි වෙලා ෆෝන් එක දිහා බලාගෙන ..

" සීයෙ , අප්පච්චි ගන්න .."

ලොකු කතාවක ඉන්න ඒ දෙන්න ඉස්සරහට ගියපු මං කතාවට පුංචි බාධාවක් කරල ට්‍රේ එක අල්ලද්දි අප්පච්චියි සීයයි දෙන්නම බීම වීදුරු දෙකක් අතට ගත්තා ..

" නිසල් .."

" ආ තැන්ක් යූ අයියෙ .."

ෆෝන් එක දිහා බලාගෙන හිටිය නිසල් ලගට ගියපු මං නිසල්ට කතා කරද්දි ෆෝන් එකෙන් ඔලුව ඉස්සුව එයාටත් මං ට්‍රේ එක ඇල්ලුවෙ එයත් මට ස්තූති කරල බීම වීදුරුවක් අතට ගනිද්දි ..

" මල්ලී .. කෝ අයියා .."

මං යන්න කලින් එයා ඉදගෙන හිටිය තැන බැලුවත් එයා පේන්න නැති නිසාම නිසල්ගෙන් අයිය ගැන ඇහුවෙ මල්ලි එයාව දකින්න ඇති කියල හිතල ..

" අයියා ම්ම් .. ආ අර ඉන්නෙ අතන .."

වටපිට බැලුව නිසල් වලව්වෙන් එලිය පැත්තට අත දික් කරල එයාව පෙන්නද්දි තමයි මාත් දැක්කෙ වලව්වෙන් එලියෙ වතුසුද්ද මල් ගහ ලගට වෙලා ඉන්න එයාව ..

" හරි .. මං මේක දීලා එන්නම්කො .."

නිසල්ට කියපු මං ට්‍රේ එක එතන තිබුන පුටුවක් උඩින් තියලා ඒකෙන් එක බීම වීදුරුවක් මගෙ අතට අරගෙන වලව්වෙන් එලියට ආවෙ එයා ලගට යන්න ..

මං යද්දිත් එයා හිටියෙ ෆෝන් එක කනේ තියාගෙන .. වැදගත් කෝල් එකක වගේ බ්‍රිගේඩියර් මහත්තය .. එයා කෝල් එකක නිසාම බාධා කරන්න හොඳ නෑ කියල හිතපු මං එයාගෙ කෝල් එක ඉවර වෙනකන් බලාගෙන හිටියා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now