විසි හයවන මන්දාරම 🍁

852 188 84
                                    

__________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________________________

පැය ගාණක ගමනේ අවසානයෙ අපි හිටියෙ දසනායක වලව්ව පේන මානයේ .. දසනායක වලව්ව එහෙම නැත්තන් අපේ අප්පච්චිලාගෙ මහගෙදර පිහිටීම ගැන පොඩ්ඩක් කිව්වොත් ඒක ලස්සන ගමක් .. ඇහැට ප්‍රිය ලස්සන කොළ පාට ලෝකයක් .. කෘත්‍රිම සද්ධ,  වාහන වල හෝන් හඩ එක්ක නගරයේ ගෙවන නිදහසක් නැති කාර්යබහුල ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් තමයි ගමේ තිබුනෙ .. නගරය කාර්යබහුල කලබලකාරී වෙද්දි ගම නිදහස් නිස්කලංක වුනා .. සෞම්‍ය දේශගුණයක් එක්ක නිදහස් ජීවිතයක් ගමේ ගෙවන්න මාත් පුංචි කාලෙ ඉදන්ම ආසාවෙන් හිටියා .. ඒත් ඉතින් බැරි වුනා .. අපිත් දැන් ඉන්නෙ කාර්යබහුල නගරයෙමනෙ ..

ලොකු අප්පච්චිගෙ සමහර තීරණ,  එයාගෙ නීති එක්ක දසනායක වලව්වට මගෙ ඒ හැටි ලොකු කැමැත්තක් පැහැදීමක් නැතත් වලව්ව තිබුන මේ ගමට නම් මං පුදුම තරම් කැමතී ..

අප්පච්චි වාහනේ වලව් වත්ත ඇතුලට දැම්මා .. වලව් වත්ත විතරක් අක්කර ගානක් වෙද්දි ඒ අක්කර ගාණ පුරාවටම තිබුනේ පොල් ගස් යායක් .. කොහොමත් ගමෙන් භාගෙක විතරම ඉඩම් වලව් උදවිය වෙච්ච අපිට අයිති වෙද්දි ඒ අතරින් වැඩි හරියක් තේ , පොල් , ගම්මිරිස් හදපු වතු ඉඩම් .. ඒ හැම ඉඩමක්ම අප්පච්චියි  ලොකු අප්පච්චියි අතරෙ සීයා බෙදල දීලා තිබුනෙ අවුරුදු ගානකට කලින් ..

අපි නුවර හිටියට තාමත් ගමේ ඉඩම් අප්පච්චිගෙ නමට තියෙනවා .. සමහර හේතු නිසා අප්පච්චි ගමෙන් ඈත් වෙලා නුවර පදිංචියට ගියෙ මායි අයියයි පොඩි කාලෙමයි .. එහෙම ගියාට පස්සෙ අප්පච්චිගෙ ඉඩ කඩම් හැමදේමත් බලා ගත්තෙ ලොකු අප්පච්චිම තමයි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now