පහළොස්වන මන්දාරම 🍁

870 168 80
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

" මිනිහගෙ පවුලත් හොදයි නම් මිනිහගෙත් වැරැද්දක් නැත්නම් පොඩි එකත් උබට එකතුයි නම් තව ජොබ් එකට කේස් අදින්නෙත් නැත්නම් ඉතින් උබේ තීරණේ වැරැද්දක් ඇත්තෙ නෑ බං .."

මිහික ගෙ කතාව අවසානයට හිරුෂ කිව්වෙ ටිකක් කල්පනා කරල .. මිහික ගෙ තීරණයට හිරුෂත් එකඟයි ..

" උබත් ඉතින් කාටත් කලින් පවුලක් පන්සලක් වෙන්න යන්නෙ නේද .."

මිහික ගෙ උරහිසට නොරිදෙන්න පාරක් ගහන ගමන් හිරුෂ කියද්දි මිහික කරේ ලාවට හිනාවුන එක .. මිහික කොල්ලට සූටි ලැජ්ජාවක් දැනිල වගේ ..

" ඊ ගාලා හරියන් නෑ පාටි දීපන් හරිද අපිට .."

" ඔව් බලාන හිටපංකො දත කට එහෙම මැද ගෙන .."

හිරුෂ ට එහෙම කියපු මිහික සෝෆාවෙන් නැගිටල කාමරේ පැත්තට ගියෙ මිහිකට කෑ ගැහුව හිරුෂත් කෑම ටිකත් තුරුලු කරගෙන කුස්සියට යද්දි ..

කාමරේට ගියපු මිහික රැක් එකේ තිබුන ටවල් එකත් කරේ දාගෙන කාමරෙන් එලියට ඇවිත් නාන කාමරේ පැත්තට ගියෙ හොද වොෂ් එකක් දාගෙන එන්න ..

" බාත්රූම් එකේ පැලවෙන් නැතුව ඉක්මනට වරෙන් මට බඩගිනි .."

ටවල් එකත් කරේ දාගෙන නාන කාමරෙ දොර ඇරගෙන ඇතුලට යන්න ගිය මිහිකට කුස්සියෙ ඉදන් සාලෙට එන ගමන් හිටිය හිරුෂ කිව්වෙ මිහික මොකුත් නොකිය නාන කාමරයට ගිහින් දොර වහ ගනිද්දි ..

" ඉක්මනට වරෙන් යකෝ මට බඩගිනි .."

නාන කාමරය ඇතුලට ගිහින් විනාඩි විස්සකට ආසන්න වුනත් මිහික තවමත් එලියට නොඑද්දි නාන කාමරේ දොර ලගට ගිය හිරුෂ දොරටත් පාරක් ගහල කෑ ගැහුවෙ නාන කාමරය ඇතුලෙ ඉදන් ආපිටට මිහිකත් කෑ ගහල උත්තර දෙද්දි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now