දාහත්වන මන්දාරම 🍁

862 177 56
                                    

________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________________________________________________


" හෙලෝ .."

දවසේ දෙවෙනි වතාවටත් මට ඇහුනේ ඒ ගැඹුරු කටහඬ .. ඇයි දෙයියනේ මේ මනුස්සයගෙ කටහඬ මෙච්චර ගැඹුරු වෙලා.. ඒක ඇහුනම මාවත් නිකන් සීතල වෙලා යනව වගේ..

" හෙලෝ .."

උගුර පොඩ්ඩක් පාදල මං හෙමින් හෙලෝ කිව්වෙ එහා ඇදේ මුණින් අතට නිදාගෙන ඉන්න හිරුෂය දිහත් බලන ගමන් .. කාටත් හොරෙන් රෑට රෑට යාලු වෙලා ඉන්න ටුඩු මහත්තය එක්ක පෙම්බස් දොඩන ෂුඩු මැණිකගෙ ෆීලින්ග් එකක් වගේ අමුතු මෙව්ව එකක් හිතට දැනෙනවා කෙල්ලනේ මට ..

" හෙලෝ .. කව්ද මේ .."

ඔයාගෙ වෙන්ඩ වයිෆි ටුඩු මාත්තියෝ.. හෙ හේ බ්‍රිගේඩියර් රෂාන් කව්ද මේ කියල මගෙන් අහද්දි මං කව්ද කියල එහෙම කියන්න හිතුනත් කියන්න ගියෙ නෑ .. සැජ්ජයි අප්පා ඕව ඕම කියන්න ..

අනික උදේ එයානෙ නෙතුල්ට කෝල් එකක් අරගෙන දීල තිබුනෙ මට කතා කරන්න .. එතකොට එයාට තිබුනා නේද මගෙ නම්බර් එක සේව් කරල තියාගන්න හරියට මං උදේ කරා වගේ ..!

ඔව් ඔව් ඉතිම් ඉමර්ජන්සි කේස් එකක් ආවත් මං ගියෙ වෙන්ඩ හබියගෙ නම්බර් එක " රෂාන් අයියා 🐰" කියල සේව් කරල.. එදා එයත් එක්ක කතා කරද්දි දැක්ක එයාගෙ ඉස්සරහ තියෙන හා දත් වගේ දත් දෙක මතක් වෙද්දි මට ඒ ඉමෝජි එකෙන්ම නම්බර් එක සේව් කරගන්න හිතුනා .. ඉතින් එහෙම කරා .. අනික එයාට අයියා කියල දැම්මෙ එයා කොහොමත් මට වඩා වැඩිමල් නිසා ..

" මේ මං අයියෙ .. මිහික .."

අයිය නොකියා කතා කරන්න වෙන වචනයක් මතක් වෙන්නෙත් නෑ ඒ නිසා අයිය කියලම කිව්වා .. ඒ වුනාට ඉතින් අයියෙ කියද්දි අමුතුයිත් වගේ .. මොනා කරන්නද මට වඩා වැඩිමල් නිසා අයිය කියලම කතා කරනවා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now