තිස් දෙවන මන්දාරම 🍁

859 173 133
                                    

_______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________________________________________


මේ වෙද්දි වෙලාව රෑ දහයට වගේ ඇති .. හතරට වෙඩින් හෝල් එකෙන් පිටත් වුන අපි දැන් තමයි අයියලාගෙ ගෙදරට ආවෙ .. අයියගෙ කිව්වට අද ඉදන් මගෙත් ගෙදර මේක තමයි .. දැන් හිතනවද හවස හතරට පිටත් වුන අපි දහය වෙනකන් පොල් ගෑවා කියලා .. නෑ නෑ පොල්නම් ගෑවෙ නෑ හැබැයි අපි තුන්දෙනා එක්ක ගියා ඩිනර් එකට එලියට .. ඒක සීයා අප්පච්චිගෙන් අපිට ලැබුන ගිෆ්ට් එකක් .. ඩිනර් එකට අයියවයි මාවයි දෙන්නව තනියෙන් යවන්න සීයා අප්පච්චි ප්ලෑන් කරත් මීණු මැද්දට පැන්න නිසා මීණුත් අපි දෙන්නත් එක්කම ඩිනර් වලට එලියට ගියා ..

ඩිනර් එකෙන් පස්සෙ දැන් තමයි අපි ගෙදර එන්නෙ .. අයියා වාහනේ ඇතුලටම අරගෙන ගිහින් නවත්තද්දි මීණුයි මායි දෙන්න මුලින්ම වාහනෙන් බැහැගත්තා .. මීණු හිටියෙ මගෙ උරහිසෙ ඔලුව තියාගෙන .. එයා නිදිනම් නෑ .. හැබැයි දැන්නම් නිදිමත ඇති දැන් රෑත් වෙලා අනික අද දවස ගොඩක් මහන්සි නිසාම ..

" මං පුතාව ගන්නද .."

" එපා ඕන නෑ .."

වාහනේ ලොක් කරල එන ගමන් එයා මීණුව ගන්නද අහද්දි මං එපා කිව්වා ..

" ම්ම් .. ඇතුලට යමු .."

" හ්..හා .."

එයා එහෙම්ම මට ඉස්සර වෙද්දි මාත් මීණුව වඩාගෙන එයාගෙ ලගින්ම ඇවිදගෙන ගියා .. මුලු ගෙදරම ලයිට් දාලා .. ඒ කියන්නෙ තාම හැමෝම ඇහැරිලා .. කොහොමත් ඉතින් මනාල ජෝඩුව ගෙදරට එනකන් ගෙදර මිනිස්සු නිදාගන්න යන්නෙ නෑනෙ ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now