දාසයවන මන්දාරම 🍁

924 183 67
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

" හෙලෝ .."

ෆයිල් එකත් වහල පැත්තකින් තියල කෑ ගහන ෆෝන් එක අරගෙන කෝල් එක ආන්සර් කරලා කතා කරත් එහා පැත්තෙන් මීක් කියන සද්ධයක් ඇහුනෙ නැති නිසා මං ආයෙමත් පාරක් හෙලෝ කිව්වා ..

" හෙලෝ....!"

මේ පාර මං ටිකක් සද්ධෙට ඇදල කරල කතා කරේ එහා පැත්තෙ ඉන්න මනුස්සයට හොදට ඇහෙන්න .. අපරාදෙ කියන්න බෑ වෙලාවකට ගොලු මිනිස්සු , කන් ඇහීමේ යම් යම් දෝෂ තියෙන , මං අදුනන් නැති ඒත් එයා මාව හොදට අදුනන නම ඇහුවට කියන්නෙ නැති අය එහෙම හරියට කෝල් කරනවා දුක සැප අහගෙන ..

" හෙලෝ.... කතා කරන්න බැරිනම් මොන එහෙකටද කෝල් ගන්නෙ .. අපිට වෙන වැඩ නෑ කිය..."

" පුතා ..!"

ඕප්ස් .. මං කතා කරාට එහා පැත්තෙ ඉන්න මනුස්සය කතා කරේ නැති නිසා මං ඉතින් ටිකක් තදට කතා කරා .. ඇත්තනෙ ඉතින් අපිට කරන්න වැඩ නෑ කියල ද ෆෝන් එක කන ගහගෙන ඉන්නව ඇරෙන්න .. මං කිය කිය හිටපු ටික ඉවර කරන්නත් කලින් ලයින් එකේ ඉදලත් කතා නොකර එහා පැත්තෙ හිටිය මනුස්සය තව කාටහරි ' පුතා ' කියල කතා කරද්දි මං කට වහ ගත්තා .. දැක්කනෙ මං කතා කරන ඔක්කොම අහගෙන ඉඳල තියෙන්නෙ උත්තර නොදී ..

මොනාවුනත් ඇහුන එක වචනෙකට තේරුනා ඒ හඬ සාගරේ වගේ ගැඹුරු හඩක් කියල ..
ඔහොම පොඩ්ඩක් ඉන්න .. ඒ වොයිස් එක නිකන් අහල හුරුයි හුරුයි වගේදත් මන්දා ..!! 

ඇහුන වොයිස් එක ගැන හිත හිත හිටිය මට ඊලගට එහා පැත්තෙන් පුංචි පුංචි සද්ධ කීපයක් ඇහෙද්දි මේ වතාවෙ මං සද්ධ නැතුව හිටියෙ කලින් කතා කරපු කෙනාගෙ පුතා ඇවිත් කතා කරනකන් වෙද්දි තත්පර කිහිපයකට පස්සෙ මට ඇහුනෙ හුරතල් සිහින් හඬක් .. 

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now