එකොළොස්වන මන්දාරම 🍁

1K 192 62
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

සද්ධෙට හිනාවෙවී කතා කර කර ඉන්න මිහික වගේම නෙතුල් බබා ලගට ආපු රෂාන් පොඩ්ඩක් උගුර පෑදුවෙ මෙතන ඉන්න දෙන්නට රෂාන් කියල කෙනෙක් ඉන්නවද නැද්ද කියලවත් ගානක් නැති නිසයි .. ඇයි ඉතින් කාට උනත් බ්‍රිගේඩියර් රෂාන් අදීෂ අබේවික්‍රම ව එහෙම නොසලකා හරින්න පුලුවන්ද .. බෑනෙ බෑනෙ ..

තමන් ලගින්ම ඇහුන උගුර පාදන හඩත් එක්ක හිනාවෙවී හිටිය මිහික නිශ්ශබ්ද වුනේ මිහික ලගම වාඩි වෙලා හිටිය නෙතුල් බබා නම් දඟලල දඟලල ලී බංකුවෙන් බිමට පනින්න හදද්දි .. අනේ පොඩ්ඩො දැන් වැටෙනවා ඔය තියෙන දැඟලිල්ලට ..

ලී බංකුව තරමක් උස වෙද්දි ඒක උඩින් බිමට පනින්න හැදුව නෙතුල් බබා වැටෙන්න ගියෙ රෂාන් වගේම මිහිකත් කලබලෙන් ඉස්සරහට පැනල නෙතුල් බබාව අල්ලගනිද්දි .. අනේ අනේ ඉතිම් තියෙන විසේට තව පොඩ්ඩෙන් පොඩි කොල්ලට අප්පච්චිගෙ වගේ හා මූණක් ඔන්ලයින් ඕඩර් කරන්න තමයි වෙන්නෙ ..

" පිස්සුද නෙතුල් .. වැටුන නම් එහෙම..!"

නෙතුල් පොඩ්ඩව අල්ල ගත්ත රෂාන් පොඩ්ඩට පොඩ්ඩක් සැර කරේ නෙතුල් ගෙ මූණ ඇඹුල් වෙද්දි .. පොඩ්ඩට දුක හිතුන මං හිතන්නෙ ..

" හරි ඉතින් වැටුනෙ නෑනෙ එයා .."

නෙතුල් ගෙ මූණ වෙනස් වෙන විදිය වගේම රෂාන් නෙතුල්ට සැර කරනවත් අහගෙන හිටිය මිහික කිව්වෙ රෂාන් ගෙ ඇස් නෙතුල් පොඩ්ඩ ලගින් මිහික ලගට මාරු වෙද්දි .. මං වැරදී මං වැරදී .. නෙතුල් පොඩ්ඩට වඩා රෂාන් බනිද්දි දුක හිතිල තියෙන්නෙ අපේ පුංචි දොස්තර මහත්තයට .. අනේ අපොයි ..

" අප්පත්ති නෙතුල්ට සොලි .."

රෂාන් අතින් බිමට බැස්ස නෙතුල් කිව්වෙ එයාගෙ අප්පච්චි රෂාන් දිහා බලාගෙන .. හැබැයි ඉතින් අනිත් අතට පොඩ්ඩට ප්‍රතිචාර නම් ලැබුනෙ නෑ ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now