විසි එක්වන මන්දාරම 🍁

1K 204 129
                                    

_______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________________________________________

අපි හැමෝටම තියෙනවා අමතක නොවෙන සිදුවීම් සිද්ධ වුන ජීවතේට ලස්සන මතක ඉතුරු කරපු වැදගත් දවස් .. මේ මටත් තියෙනවා ඔයාටත් තියෙනවා .. මට අද දවසත් ඒ වගේ .. මොනම වෙලාවකදිවත් අමතක වෙන්න එපා කියල හිතෙන , හැමදාම මතකයේ රැදෙන්න ඕන කියල හිතන විශේෂ දවසක් මට අද .. අද මං පළවෙනි පාරට මීණුගෙන් ඒ ලස්සන වචනෙ ඇහුවා .. " අම්මා " කියන වචනය .. අකුරු තුනකින් හැදුන මේ ලෝකෙ තියෙන ලස්සනම වගේම වටිනාකමින් වැඩිම වචන සුළුතරය අතරෙ උඩින්ම රැදෙන වචනයක් ඒ ..

මං කවදාවත් හිතල තිබුනෙ ඒ ලස්සන වචනය මට අහන්න අවස්ථාවක් ලැබේවි කියල .. මොකද මං කොල්ලෙක් .. ඉතින් කවදාවත් බලාපොරොත්තුවක් තිබුණෙ නෑ පුංචි දරුවෙක්ගෙ කටින් ඒ වචනය මං වෙනුවෙන් පිට වෙන දවසක් ගැන .. ඒත් නොහිතපු විදියට මීට සති ගාණකට උඩදි මගේ ජීවිතේට ආපු පුංචි මීණු නිසා මං ඒ වචනය අද ඇහුවා ..
ඒ වචනය කන් දෙකට ඇහෙද්දි දැනුන හැඟීම වචන වලට පෙරලන්න තරම් මට දැනුමක් නෑ .. කෙටියෙන් කිව්වොත් මට දැනුනෙ ලෝකෙ තියෙන හැම සතුටම මං ලග නතර වෙලා කියලා ..

අද මීණු නිසා ඒ වචනය අහන්න තරම් වාසනාවන්ත වුන මං තව ටික දවසකින් ඒ උතුම් පදවිය දරන්න තරමට වාසනාවන්ත වෙයි .. ඒකත් මගේ මීණු නිසාම ..

මීට පොඩි වෙලාවකට කලින් ගේ ඇතුලෙ හිටිය මායි මීණුයි දැන් ඉන්නෙ මිදුලට වෙලා .. මිදුලෙ කෙළවරකට වෙන්න හදල තිබුන සුදු යකට ඔන්චිල්ලාව උඩ වාඩි වෙලා තමයි මායි මීණුයි දැන් ඉන්නෙ .. ඔන්චිල්ලාවෙ වාඩිවෙලා හෙමින් පැද්දෙන ගමන් මං මතක් කරේ මීණු මට අම්මා කියල කියපු හැටි ..

සීය අප්පච්චිගෙ උකුලෙ වාඩි වෙලා හිටිය මීණු ගෙ අත් දෙකෙන් අල්ලගෙන මං තමයි එයාගෙ අම්මා කියල මං කියද්දි මීණු ගොඩක් පුදුම වුණා කියල මට තේරුණා .. මීණු පදුම වෙද්දි අනෙක් අතට මං හොදටම බය වුනා මීණුගෙ ප්‍රතිචාරය ගැන .. ඉතින් හිතේ තිබුන බයටත් එක්කම මට හෝ ගාලා ඇඩෙද්දි මගෙ අත් අතරෙ ගුලි වෙලා තිබුණ ඒ සිනිඳු පුංචි අත් දෙක මගෙන් මීණු ගලවගත්තෙ මාව තවත් නොසන්සුන් කරවන ගමන් .. එක තත්පරයකට මට හිතුණා මීණු මට කැමති නෑ කියලත් ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now