තිස්වන මන්දාරම 🍁

969 172 102
                                    

___________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

___________________________________________________________________

විවාහය .. විවාහය කියන්නේ කෙල්ලෙක්ගෙ වේවා කොල්ලෙක්ගෙ වේවා මිනිස්සු වුන අපි හැමෝගෙම ජීවිතයේ වටිනාම කියන සංධිස්ථානයක් .. හරියට නිකන් ඒක අපේ දෙවෙනි උපතට සමාන කරන්න පුලුවන් ..

මේ ලෝකෙට ඉපදුණුදා ඉදලා අපි හැදුන වැඩුන කර දඩු උස් මහත් කරපු උණුසුම රැකවරණය ආදරය සෙනෙහස නොඅඩුව ලබපු , නොඅඩුව ලැබෙන්න සලස්වපු අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එක්ක ගෙවපු නිදහස් කෙළිලොල් ජීවිතය නිමා කරලා සැමියෙක් හෝ බිරිඳක් එක්ක අපේ ජීවිතේ ඉතිරි කාලෙ වගකීම් සහගතව ගෙවන්න අපි සූදානම් වෙනවා ..
විවාහයේ රස ගැන අපේ හිත බලාපොරොත්තු වලින් පිරිලා යද්දි අපි ඒ වගේ ජීවිතයකට හීන දකිනවා ..

අනිත් අය වගේම තමයි මේ මාත් ඒ හීනේ ඒ විදියටම දැක්කා ..
මං ජීවත් වෙන්න හීන මවපු ඒ වගකීම් සහගත නමුත් ලස්සන ජීවිතයට පිය නගන මුල් පඩිය මතයි මං දැන් ඉන්නෙ ... මේ තරම් ඉක්මනට බලාපොරොත්තු නොවුනත් මං දැකපු මවපු හීනය අද සැබෑ වෙන්නයි යන්නෙ හැබැයි පොඩ්ඩක් වෙනස් විදියකට .. ඒත් ඇත්තමයි මං ඒ වෙනසට පුදුම තරම් කැමතී ..

හීන දැකපු ආස කරපු දේවල් පොඩ්ඩිත්තක් වෙනස් වෙලා තිබුනට ඒ වෙනසත් එක්ක වටිනාකම ගැන කියන්න පුලුවන් කමක් නැති තරමටම මට වටින පුංචි වස්තුවක් ඒ එක්ක ලැබෙද්දි මං කොහොමද ඒ වෙනසට අකමැති වෙන්නෙ ..!

අද .. අප්‍රේල් පස්වෙනිදා .. මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන , නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන ජීවිතේ ලස්සනම වගේම වැදගත්ම දවසක් කියන්න පුලුවන් අද දවසට ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now